Tuesday, April 2, 2013

ගැජමැටික්ස් - ලිපි අංක 01 - බස් රථයක අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය පෙන්වන ආකෘතිය

This photo was taken on February 8, 2012 in Oyamaduwa, Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුනෑගල දකුණ ඩිපෝවට අයත්, බස්රථයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වට පෙන්වන ආකෘතියකි. බස් රථයක් ධාවනය වන විට එහි එන්ජිම, ගියර් පද්දතිය ඇතුළු අනෙකුත් උපාංග ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිලිබඳ මනා අවබෝධයක් ලබා ගැනීම මෙම අපූරු මෙවලම පරික්ෂා කරන්නෙකුට හැකියාව ලැබේ. මෙය විදුලි මෝටර මගින් චලනය වෙමින් ධාවනය වන අවස්ථාවේ උපාංග ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න මනාව පෙන්වයි. වාහනයක අභ්‍යන්තර ක්රියාකාරිතව පිලිබඳ හදාරන්නෙකුට ඉතා වටිනා මෙවලමක් ලෙස දැක්විය හැක.

රෝද සවිකර, කාර්මික සේවා රථයක් යොදාගෙන ඕනෑම තැනකට ඇදගෙන යා හැකි පරිදි මෙම උපකරණය නිර්මාණය කර තිබීම නිසා දිවයින පුරා ඇති කාර්මික ප්‍රදර්ශන වලට ගෙනයාමේ හැකියාව මෙම ආකෘතිය සතුය. ලංගම ඉංජිනේරුවන්ගේ දක්ෂතාවය මනාව පිළිඹිබු කරන මෙම ආකෘතිය,  කුරුණෑගල දකුණ ඩිපෝවේ ඉංජිනේරු එච්. එම්. සුමිත් හේරත් මහතාගේ මූලිකත්වයෙන් ඉංජිනේරු අංශයේ සේවක පිරිස විසින් නිර්මාණය කර ඇත.




ආකෘතිය පිටුපසින් දිස් වන ආකාරය.
This photo was taken on February 8, 2012 in Oyamaduwa, Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

ආකෘතියෙන් පිළිඹිබු වන එන්ජිමේ හරස්කඩ (චලනය වෙමින් ක්‍රියාකාරිත්වය පෙන්වයි)
This photo was taken on February 8, 2012 in Oyamaduwa, Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

නරඹන්නන් හට ක්‍රියාකාරිත්වය පැහැදිලි කරදෙන කු. ද. ඩිපෝවේ ඉංජිනේරු අංශයේ මහත්වරුන්. (2013 දැයට කිරුල ප්‍රදර්ශයෙදී)
This photo was taken on March 28, 2013 in Ampara, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.

4 comments: