Friday, April 19, 2013

ශ්‍රී ලංගම ප්‍රවේශ පත්‍ර (කොටස 03) - අතින් ක්‍රියා කරවන ප්‍රවේශ පත්‍ර යන්ත්‍ර -- SLTB Tickets (Part 03)

ශ්‍රී ලංගම ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේද අතර අතින් ක්‍රියා කරවන යන්ත්‍ර ප්‍රධාන තැනක් ගනී. මෙම යන්ත්‍ර බොහොමයක් ජර්මනියේ Almex සහ බ්‍රිතාන්‍ය Bell Punch යන සමාගම් වල නිෂ්පාදිතය.  ඇතැම් ප්‍රවේශපත්‍ර යන්ත්‍ර මුල් කාලීනව භාවිහා කර ඇති අතර සමහරක් මෑතක් දක්වාම (ඉලෙක්ට්‍රොනික් යන්ත්‍ර පැමිණෙන තුරුම) භාවිතා වී ඇත. ඇතැම් අතින් ක්‍රියා කරවන ප්‍රවේශපත්‍ර යන්ත්‍ර කලක් යුරෝපයේ භාවිතා කර පසුව ලංගමට ලැබී ඇත.

ශ්‍රී ලංගමයේ ද මුල් කාලීනව භාවිතා වූ Bell Punch වර්ගයට අයත් ප්‍රවේශ පත්‍ර යන්ත්‍රයක්.

පැරණි Bell Punch යන්ත්‍රයකින් නිකුත්කළ ප්‍රවේශ පත්‍රයක ඉදිරිපස සහ පිටුපස
 


මුල් කාලීනව භාවිතා වූ තවත් ප්‍රවේශපත්‍ර යන්ත්‍රයක්.

පැරණි යන්ත්‍රයක් මගින් නිකුත් කල ප්‍රවේශ පත්‍රයක්.
 


මෑත කාලීනව භාවිතා වූ අතින් ක්‍රියා කරවන ප්‍රවේශපත්‍ර යන්ත්‍රයක්.

මෑත කාලීනව අතින් ක්‍රියා කරවන ප්‍රවේශ පත්‍ර යන්ත්‍ර මගින් නිකුත් නිකුත්කළ ප්‍රවේශ පත්.
     

  

4 comments:

  1. ඉහත දැක්වෙන ශත දහයක වටිනාකමින් යුත් කොල පැහැති ප්‍රවේශ පත්‍රය නිකුත් කෙරුණේ Bell Punch ටිකට් යන්ත්‍රයකිනි. එවැන්නක ඡායාරූපයක් දැකීමට මෙම වෙබ් පිටුවට යන්න:

    http://memberfiles.freewebs.com/84/07/39380784/photos/Prezs-Collection/003.JPG

    ReplyDelete
    Replies
    1. ඔබේ අත්දැකීම් ඇසුරෙන් දෙන වටිනා තොරතුරු වලට ස්තූතියි! (y)

      Delete
    2. පැසසුම් ලැබිය යුත්තේ ඔබ යි, ලංගම ඉතිහාසයේ මතක සටහන් කාලයේ වැලි තලාවෙන් යට වීමට ඉඩ නොදීම ගැන.

      Delete