Friday, September 21, 2012

CTB bodied Austin 830 WF lorry bus from CTB Maharagama depot

This photo was taken in 1971 in Maharagama, Western, LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB) Maharagma depot, CTB bodied Austin 830WF lorry bus (23ශ්‍රී4989) near the depot. This model was actually a truck chassis but CTB had quite a number built as buses (Photo by: John Shearman)  -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වූ ඔස්ටින් 830 WF වර්ගයේ ලොරි බස් රථයකි. රථය මාර්ග අංක 110 යටතේ මහරගම හා පිළියන්දල අතර ධාවනයට යොදවා තිබී ඇත. 1970 දශකයේ මුල් භාගයේ  පුද්ගලික අංශය විසින් ගෙන්වූ ලොරි තට්ටු (chassis) තොගයක් රජයට පවරාගෙන ලංගම වැඩපොළ වල දී බඳ සකසා ලංගම යටතේ මගී ප්‍රවාහනයට එක් කර ඇත. ලොරි තට්ටුවක් යොදාගෙන නිපදවා ඇති නිසා ගැස්සෙන සුළු බස් රථයක් බව අත්දැකීම් ඇත අය කියති. පසුකාලීනව ඇතිවූ අමතර කොටස් ගැටළු නිසා ලංගම මගින් මෙම බස් වෙන්දේසියට නියම කර ඇති අතර පුද්ගලක අංශය විසින් මිලදී ගෙන ඇතැම් බස් නැවත ලොරි ලෙස භාවිතා වී ඇත. කෙසේ වූවද 1990 දශකයේ අග භාගය දක්වාම මෙම වර්ගයේ බස් රථ ධාවනය වී ඇති බවට සාක්ෂි තිබේ. (ඡායාරූපය:  John Shearman)

11 comments:

  1. මේ ඡායාරූප දෙකම ඇත්තේ "Sri Lankan Buses Past and Present" යන ග්‍රන්ථයේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතී ඔබේ තොරතුරට.. මම දැනගෙන හිටියේ නෑ මේ එම ග්‍රන්ථයේ පින්තූර කියලා... එම ග්‍රන්ථයේ පිටපතක් ලබාගැනීමේ උවමනාවක් මටත් තිබෙනවා..

      Delete
    2. එම පොත ගැන තොරතුරු දැන ගැනීම පිණිස මේ සබැඳිය හරහා යන්න:
      http://www.busesworldwide.org/slb.php

      Delete
  2. ඉහත කළු-සුදු ඡායාරූපයේ ඇති බසය මහරගම ඩිපෝවට අයත් එකක් විය යුතු යි, මන්ද 1970 දශකයේ මාර්ග අංක 110 (මහරගම-පිළියන්දල) සඳහා යෙදවුණේ මහරගම ඩිපෝවේ බස් නිසා.

    ReplyDelete
    Replies
    1. ස්තූතී නිවැරදි කිරීමට..

      Delete
  3. මම නිවැරදි නම් ඉහත කළු-සුදු ඡායාරූපයේ ඔස්ටින් බසයට පිටු පසින් ඇත්තේ මාර්ග අංක 119 (නුගේගොඩ-දෙහිවල =මහරගම හරහා=) හි ධාවනය වූ ALBION බස් රථයක්.

    ReplyDelete
  4. මෙම පින්තූර සැපයූ ඔබා මාමා පසුගියදා මිය ගියා.අපි ඔහුට නිවන් සුව පතමු!

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒගැන නම් බොහොම කනගාටුයි. එතුමා ලංගම බස් අඩවියේ හොඳ පාඨකයෙක් ව සිටියා. එතුමා වෙනුවෙන් අපි විශේෂ ලිපියකුත් පල කළා.. :(

      Delete
  5. 2002/2003 kaledith me bus ekak kollupitiya kohilawaththa (175) route eka duvanava mata mathakayi.

    ReplyDelete
  6. Badulla dipowen dhawanaya wu 'Laksiri' sewaye ithihasaya gena pala karanna .Eya lankawe palamu luxury bus service eka(ma danna hetiyata) we.

    ReplyDelete
  7. 1996-01-09 දින මම රියදුරු බලපත්ර ලබාගැණීමට ට්රයල් පෙන්නුවෙත් ඕකකින්මයි එය හෙට්ටිපොල චූලාන් ලර්නස් ආයතනට අයත් රථයකි

    ReplyDelete