Sunday, July 26, 2020

Azad bodied Ashok Leyland Viking AC luxury bus from SLTB CBS depot

This photo was taken on July 17, 2020, in Colombo 11, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) CBS depot, Azad bodied Ashok Leyland Viking AC luxury bus (NB-5514) at the Colombo central bus stand. The bus acquired to the SLTB fleet in 2013. Allocated for the expressway services between Negombo and Colombo under the route number 240 . -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම.බ.කා. ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් AC වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. උපයා ගෙවීමේ පදනම මත 2013 වසරේ ඩිපෝව මගින් මිල දී ගෙන ඇති බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. මෑතකාලීනව සිදුකරන ලද අලුත්වැඩියාවකින් පසු මෙලෙස ශ්‍රී ලංගමට ආවේනික රතු වර්ණ ගන්වා ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ මීගමුව හා කොළඹ අතර සේවාවන් සඳහා යොදවා තිබුණි.

The bus with the Katunayake Expressway (E03) public transportation opening ceremony at the Colombo central bus stand in 28th October 2013 -- මෙම බස් රථය 2013 වසරේ ඔක්තෝබර් මස 28 දින, කටුනායක අධිවේගී මාර්ගය පොදු ප්‍රවාහන සේවා සඳහා විවෘත කිරීමේ උළෙලේ දී.
This photo was taken on October 28, 2013, in Colombo 11, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

2 comments:

  1. නානාප්‍රකාර පාට තිබ්බට... රතුපාටයි නිල් පටියෙයි ගැම්ම ගන්න බෑ මොකෙන්වත්....
    ගොඩක් ඩිපෝවල මේ බස්රථ නඩත්තු කරන විදිය ගැන සෑහීමකට පත්වෙන්න බෑ.. දැන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ නව දිගුව නිසා විවිධ ඩිපෝවල සුඛෝපභෝගී බස්රථ ඇඹිලිපිටියෙ බස් නැවතුම්පලේදි මම දකිනව... ගොඩක් yutong බස්රථවල තැලුම්,සීරීම්... ප්‍රධාන ලාම්පුවල ඉරිතැලුම් නැති තැනක් නෑ.. බස්රථවල පින්තාරැව පතුරැ හැලෙන තරම් සවුත්තුයි.. ලේලන්ඩ් බස්රථවල තත්ත්වය ඊටත් වඩා ශෝචනීය යි.. ඒත්ඔය කාලෙම ආපු බස්රථ පෞද්ගලික අංශවල තාමත් හොඳට තියෙනව.. බස්රථවල එදිනෙදා නඩත්තුව හරිය⁣ට උනානම් මේව මෙහෙම වෙන්නෙ නෑ.. ඩිපෝවල කරන්නෙ බස්රථය ධාවනය කල නොහැකි තැනටම පත්වෙනකන් ඉඳල.. ඊටපස්සෙ ලොකු වියදමක් දරල මුලඉඳන් පිලිසකර කරන එක..

    ReplyDelete
    Replies
    1. ඔව්. සුඛෝපභෝගී බස් වල එදිනෙදා නඩත්තු මීට වඩා විධිමත් විය යුතුයි.

      Delete