Sunday, March 16, 2014

ලංගම මධ්‍යම වැඩපොළ, වේරහැර -- Central Workshop of Ceylon Transport Board, Werahara

Bus body  assembly section of the Weraharaa Central Workshop in 1960's. The photo is copyright to the respective photographer-- වේරහැර ලංගම මධ්‍යම වැඩපොළේ බඳ එකලස් කිරීමේ අංශය 1960 වසරේ 
වේරහැර මධ්‍යම වැඩපොළ යනු 1958 ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීමට සමගාමීව, ලංගමට අවශ්‍ය බස් රථ සඳහා බඳ එකලස් කිරීම, අම්තරකොටස් නිපදවීම, අමතර කොටස් ගබඩා කිරීම හා බෙදාහැරීම මෙන්ම ධාවනයේ පවතින බස් රථ පූර්ණ අලුත්වැඩියා කිරීම යන අවශ්‍යතා වෙනුවෙන් ඉදිකරන ලද වැඩපොළ සමූහයක එකතුවකි. එය ඉදිකරන අවධියේ දකුණු ආසියාවේ විශාලතම රථවාහන වැඩපොළ වූයේ එයයි.  බඳ නිෂ්පාදයට අමතරව ලංගමය සඳහා අවශ්‍ය  එන්ජින් උපාංග ඇතුළු බොහෝ අමතර කොටස් ද වැඩපොළ භූමියේ පිහිටි විවිධ ඒකක මගින් නිෂ්පාදනය කොට තිබේ.


1958 වසරේ වේරහැර වැඩපොළ ගුවනට දිස් වූ ආකාරයයි. රවුම් කල කොටසින් දැක්වෙන්නේ  ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට අයත් සේවක පුහුණු කිරීම් වැඩපොළයි. කෙසේ වූවද 1970 දශකය වන විට වැඩපොළ මීට වඩා පුළුල් ප්‍රදේශයක පැතිර තිබී ඇති බව කිව යුතුය.
වේරහැර වැඩපොළේ බස් රථ සඳහා බඳ එකලස් කිරීමේ අංගනය
වේරහැර වැඩපොළේ බස් රථ සඳහා බඳ එකලස් කිරීමේ අංගනය
1958 වසරේ, ඇමරිකානු වේන් (Wayne bus) මාදිලියේ බස් රථයකට, වේරහැර වැඩපොළේ බඳ සැකසුම් අංශයේ දී බඳ එකලස් වන ආකාරය. 
වේරහැර වැඩපොළේ සම්පාදක කොට්ටාශයට අයත් පරිපාලන ගොඩනැගිල්ල. බස් රථ සඳහා අමතර කොටස් බෙදාහැරීම සිදුවන්නේ සම්පාදක කොට්ටාශය මගිනි
හුදෙක් වැඩපොළක් පමණක් නොව සේවක ප්‍රජාව පුහුණු කිරීම ආදියද වේරහැර මාධ්‍ය වැඩපොළ මගින් සිදු කොට ඇති බව සැලයි. අංග සම්පූර්ණ පුස්තකාල පහසුකම් ඇතුළු ලංගම සේවක ප්‍රජාව පුහුණු කිරීම වෙනුවෙන් අවැසි සියල්ලෙන් එය සමන්විතව තිබී ඇත. වැඩපොළ සතුව පුළුල් සම්බන්ධතා ජාලයක් පැවතී ඇති අතර ලොව පුරා  බස් නිෂ්පාදකයන් සමඟ ඍජු සබඳතා ජාලයක් වැඩපොළ සතුව තිබී ඇත. 
වේරහැර වැඩපොළේ සේවක පුහුණු කටයුතු වෙනුවෙන් පිහිටුවා තිබී ඇති ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට අයත් පුහුණු කිරීම් වැඩපොළ
මෙම වැඩපොළ මගින් බස් රථ පූර්ණ අලුත්වැඩියාන්ට ලක් කිරීම පසු කාලීනව බහුලව සිදු කර ඇත. එනම් ධාවනය වන පැරණි බස් රථ වැඩපොළ වෙත එවෙන අතර එය වැඩපොළෙන් පිටව ගොස් ඇත්තේ නවීන බස් රථයක් ලෙසය.  වැඩපොළ මගින් බඳ එකලස් කරන ලද බස් රථ වල සියලුම නිර්මාණ සැලසුම් සිදු කර ඇත්තේ වැඩපොළේම ඉන්ජිනේරු ප්‍රජාව විසිනි. වැඩපොළේ නිපදවුණු බස් රථ ශ්‍රී ලංකාවට ඉතා යෝග්‍ය වුනු අතර 1960 දශකයේ නිපදවූ ඇතැම් බස් රථ තවමත් පොදු මගී ප්‍රවාහනයේ යෙදීම මගින් ඒ බව තහවුරු වේ. (1960 දශයේ වේරහැර වැඩපොළේ බඳ නිපදවා තවමත් පොදු ජන සේවයේ යෙදෙන බස් රථයක් මෙතැනින්). ඉන්ධන පිරිමැස්ම ඉතා හොඳ මට්ටමක පැවති එම බස් රථ වල සැකිල්ල ඇතුළු බඳ ඇළුමීනියම් ලෝහයෙන් නිෂ්පාදිත බැවින් කල් පැවැත්මද ඉතා ඉහල විය.

වේරහැර වැඩපොළේ බඳ සකසා ඇති තවත් බස් රථ: මෙතැනින්

වේරහැර ලංගම මධ්‍ය වැඩපොළ ඉදිවෙමින්.
එකල වේරහැර වැඩපොළේ සේවක ප්‍රජාව ප්‍රවාහනයට නව පිළියන්දල නමින් වෙනම ඩිපෝවක් පැවතී ඇති අතර වේරහැර වැඩපොළේ විශාලත්වය පිලිබඳ යම් ඉඟියක් ලබාගැනීමට එය සාධකයක් වනු ඇත. ශත ගණනින් සාමන්‍ය ගණුදෙනු සිදු කල 1970 දශකය වන විටත් වේරහැර වැඩපොළ පරිශ්‍රයේ මුළු වටිනාකම රුපියල් කොටි 35ක් පමණ වී ඇත.
වේරහැර නව පිළියන්දල ඩිපෝව යටතේ ධාවනය වූ මර්සිඩීස් බෙන්ස් 3500 වර්ගයේ බස් රථයක්. ඩිපෝවේ අනෙකුත් බස් රථ ද පසෙකින් දිස් වේ.
වැඩපොළ සතුව පැවති තාක්‍ෂණය හා ඥානය කොතරම් ද යැයි කියතොත්, 1970 දශකයේ අග භාගය වන විට 100% ක් දේශීයව බස් රථයක් නිපදවීමට මෙම වැඩපොළේ ඉංජිනේරුවරුන් සමත් විය. (එම බස් රථය ගැන ලිපිය මෙතැනින්)
වේරහැර වැඩපොළේ සම්පූර්ණයේම නිපදවන ලද ලංකා1 වර්ගයේ බස් රථය. රථය පිලිබඳ වැඩිදුර තොරතුරු සඳහා ඉහත දක්වා ඇති සබැඳිය භාවිත කරන්න.
කෙසේ වෙතත් 1991 ජනතාකරණ වැඩ පිළිවෙලින් පසු වැඩපොළ විවිධ පුද්ගලික අංශ වෙත පවරා දී ඇති අතර 2001 වසරේ වැඩපොළ මුළුමනින්ම වැසී යන තෙක්ම එහි බස් රථ සඳහා බඳ නිෂ්පාදයන සිදු වී ඇත. ශ්‍රී ලංකාවට ඉතා යෝග්‍ය වූ ලටෙක්, සහ වෙස්කෝ  බස් රථ එලෙස පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කල බස් රථ වේ.

වෙස්කෝ සමාගම යටතේ, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී Isuzu MT 111 සහ TATA LPO 1313/55 බස් රථ සඳහා බඳ එකලස් වීම. මාදිලි ද්විත්වයම අර්ධසුඛෝපබෝගී බස් රථ ලෙස ධාවනයට එක්වී ඇත. 

සටහන   : උත්පල දිල්හාන්    
ඡායාරූප : ලංගම 1957 - 1958 වර්ෂ පිලිබඳ වාර්තාව (සිංහල පිටපත)
                     වෙස්කෝ සමාගම 1997 වර්ෂය පිලිබඳ වාර්තාව
                     Bruce Harris

6 comments:

  1. Me workshop eke thiyena bus model eka mokakda ?
    Me wage supiri workshop walata karapu aparadaya thamai langama me thathwayata watenna hethuwa. Habai meeta awrudu 5 6 kata kalin thibunata wada langama dan tikak hondai. Aluth bus tikak wath thiyenawa.....!

    ReplyDelete
    Replies
    1. ඔබ කතාව හරි! ජාතියේ දේපොළ නැති කරපු එවුන්ට යහපතක් වෙන්නේ නැහැ! :(
      මේ ඡායාරූපයේ තියෙන්නේ Mercedes-Benz LP322 බස් එකක්. අපේ සයිට් එකේ පොටෝ ඇති. search කරලා බලන්න.

      Delete
  2. 1)oba sithana paridi thawamat min wadak gatha hakida ?
    2)mema ayathanaye adayam thathwa kohomada ?

    ReplyDelete
  3. මෙහෙම අතීතයක් තමයි අපි නැති කරගත්තේ ....
    මෙය 1979 වසරෙන් පසු ක්‍රමානුකූලව නැතිවී වර්ථමානයේ ලංකාවෙී බස් එකලස් කිරීමෙී කර්මාන්තය සමීපූර්ණයෙන්ම විනාශ වී අැත ..

    ReplyDelete
  4. KalakaKala deshapaluwo thamai meka kewe

    ReplyDelete
  5. අපිටත් දූකයි ඒත් කරන්න දෙයක් නැහැ

    ReplyDelete