Friday, October 2, 2020

Ex London Transport Leyland RTL Double-decker bus from CTB Jaffna depot

This photo was taken in 1972 in Jaffna, Northern, LK.
Click for the full-size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Jaffna depot, (Ex London transport) Leyland RTL double decker bus (22ශ්‍රී2692) in Jaffna. This photo was taken in 1972 while it was running under the route number 764 between Jaffna and Palaly. Photo by: John Shearman. Courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) යාපනය ඩිපෝවට අයත්ව තිබූ ලේලන්ඩ් RTL වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් යාපනයේ දී. රථය 1959 වසරේ ලංගමට ලැබී ඇත. London transport ආයතනයේ භාවිතා කල මෙම රථ පසුව ලංගම සඳහා මිලදී ගෙන ඇත. Leyland වර්ගයේ තට්ටු යොදාගෙන "London Transport" ආයතනයේ පිරිවිතරයන්ට අනුව බඳ නිමවා ඇති මෙම බස් රථ ලන්ඩන් නගරයට ආවේණික සංඛේතයක් බඳුය. අවාසනාවට මෙන් වත්මන් ශ්‍රී ලංගම සතුව මෙම වර්ගයේ එක් බස් රථයක් හෝ නොමැත. මෙම ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 764 යටතේ යාපනය හා පළාලි අතර ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපය: John Shearman. උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide.

3 comments:

  1. යාපනයේ ඩබල් ඩෙකර් එකක් තිබුනා කියලා දැනගත්තේ අදයි.
    කොළඹ දුවාපු ඩබල් ඩෙකර් කිසිම වෙනසකට ලක් නොකර, ඔරිජිනල් තත්වයේම, ඒ කියන්නේ වෙල්වට් වැනි සුවපහසු රෙදි වලින් නිම කල ආසන ( Tartan pattern velvet upholstery), එංගලන්තයේ සීතලට සුදුසු ලෙස නිමවූ, ලංකාවට කොහොමවත්ම නොගැලපෙන ඉතාම අඩු වාතාශ්‍රයක් ලබා දෙන ජනේල (winder (vertical) opening shutters) , ආදිය සහිතව තමයි ධාවනය උනේ. නමුත් පසුකාලීනව (බොහෝ විට හැත්තෑවේ දශකයේ මැද පමණ සිට) මේවායේ යට තට්ටුවේ ජනෙල් සියල්ලම(ඔරිජිනල් ජනේල තිබුනෙත් එකක් හැර එකක්, අතරමැද තිබුනේ Fixed Lite) ලංකාවට ගැලපෙන, එනම් මේ බසයේ දක්නට ඇති අකාරයට වෙනස් කිරීමට ලක් කළා. ඊට හේතුව, යට තට්ටුවේ පොල් පටවන්නාක් මෙන් සෙනග පැටවුවාට, උඩ තට්ටුවේ හිටගෙන යාමට ඉඩ නොදීමයි. ( බොහෝ පාසැල් බස්රථ ලෙස ධාවනය වූ ඩබල් ඩෙකර් වල මෙවැනි ජනේල තිබුනා නම් අපි වැනි නසරානි කොල්ලන් උඩ තට්ටුවෙන් වැටීමට තිබුන ඉඩකඩත් සලකා බලන්න ඇති) නමුත් යාපනයේ තියන අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන ලෙස මේ රථයේ උඩ තට්ටුවේත් ජනේල වෙනස් කර තිබෙනවා. ඉදිරි ජනේල 3 පමණක් ඔරිජිනල් තත්වයෙන්ම පවතිනවා.
    ඒ හැර, මේ ඩබල් ඩෙකර් බස් (සහ Leyland Comet බස් රථ), ලංගමයට "මිලදී ගත්" ලෙස සඳහන් උනත්, London Transport හි නියමිත කාලසීමාව හමාර කල (බොහෝ විට වසර 10) මේ බස් රථ, නොමිලේ දුන් බවත්, ලංගමයට දැරීමට සිදු වූයේ නැව් ගාස්තු පමණක් බව මගේ හැඟීමයි.

    ReplyDelete
  2. මේක විකුනනවද?

    ReplyDelete
  3. This page certainly has all of the information and facts I needed concerning this, thanks.
    Thanks for writing such a wonderful posts

    ReplyDelete