Tuesday, January 16, 2018

ගැජමැටික්ස් - ලිපි අංක 12 - විදුලි ජනන යන්ත්‍රය - රත්නපුර ඩිපෝව (Electric generator - Ratnapura depot)

This photo was taken on July 10, 2014 in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on July 10, 2014 in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
මෙවර අපි ඔබ වෙත ගෙන එන ගජමැටික්ස් ලිපිය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සබරගමුව ප්‍රාදේශිකයේ රත්නපුර ඩිපෝව සතු වූ විදුලි ජනන යන්ත්‍රය පිලිබඳවයි. ඩිපෝවේ ඉංජිනේරු අංශය යටතේ ඇති මෙම විදුලි ජනන යන්ත්‍රය ඔබ වෙනත් ස්ථාන වලදී දකින විදුලි ජනන යන්ත්‍ර මෙන් නොව වෙනස්ම මුහුණුවරක් ගන්නවා. බස් රථයක එන්ජින් පද්ධතියක් ආධාරයෙන් බල ගැන්වෙන මෙය එන්ජිමේ භ්‍රමණ ශක්තිය ඩයිනමොවක් හරහා යැවීම මගින් විදුලිය උත්පාදනය කරනවා. ඉංජිනේරු අංශයේ අවශ්‍යතා වෙනුවෙන් මෙය භාවතා කෙරෙන බවයි ඩිපෝ ඉංජිනේරුතුමන් අප සමඟ පැවසුවේ. ධාවනයෙන් ඉවත් කරන ලද 23ශ්‍රී8800 දරණ බස් රථය තුල මෙම පද්ධතිය සවි කර තිබීමද විශේෂත්වයක්. ඩිපෝවන්හි ඉංජිනේරු අංශ පිරික්සීමේදී ලංගමටම ආවේනික මෙවන් අපූරු උපාංගයන් අපට දැකගත හැකියි.

2 comments:

  1. හොද නිර්මාණයක්

    ReplyDelete
  2. those photos were taken "on July 10, 2014 in Ratnapura" now as of today Ratnapura deport is controlled by privet bus owners..

    ReplyDelete