Thursday, June 9, 2016

Ikarus 31 buses of Ceylon Transport Board

This photo was taken in 1958 in Werahara, Western. LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB) Ikarus 31 bus at Werahara workshop premises in 1958. 10 of these buses acquired to Ratmalana and Homagama depots. (Photo courtesy: Ceylon Transport Board - Annual Report 1959) -- ලංකා ගමනාගමන මණ්ඩලය (ලං.ග.ම.) යටතේ ධාවනය වූ ඉකාර්ස් 31 වරගයේ බස් රථයක් ඩිපෝ වෙත බෙදා දීමට පෙර වේරහැර වැඩපොළ පරිශ්‍රයේ දී. ජනසතුවට සමගාමීව මෙම වර්ගයේ බස් රථ 10 ක් ලංගමට ලැබී ඇති අතර ඒවා  රත්මලාන සහ හෝමාගම ඩිපෝවන් වෙත අනියුක්ත වී ඇති බව සැලයි. මේවා සම්පූර්ණයේම හංගේරියාවේ නිෂ්පාදිතය. 22ශ්‍රී1940 සිට 22ශ්‍රී1949 දක්වා මේවාට ලියාපදිංචි අංක ලැබී ඇත. ඡායාරූපය උපුටා ගැනීම:ලංගම 1959 වර්ෂය පිලිබඳ වාර්තාව (ඉංග්‍රීසි පිටපත)

10 comments:

  1. This is news to me. Thanks.

    ReplyDelete
  2. 22 ශ්‍රී 1945 අන්තිමට තිබුනේ ජර්මන් ටෙක් එකේ .කොට්ටාව පාස් බස් එක හැටියට දිව්ව. Maecedes Benz 312 එන්ජින් එකක් තියල තිබුනා පස්සේ කාලේ. 1986 පමන වෙනකන් තිබුනා.මේ බස් එකේ චෙසියක් වනම නැහැ.මෙටල් බොඩියක් තිබුනේ.දිරාපත් වුනහම අලුත් වැඩියා කරන්න හරි අමාරුයි. අමතර කොටස් නැතිනිසා අලුත්වැඩියා කිරීම අපහසුවුනා. දුනු එහෙම කැඩුනහම වේරහැර වැඩපලෙන් වෙනම දුනු හදවගත්තා. මේක නියම බස් එකක් ඒ කියන්නේ පිටිපස්සේ දුනු ඇක්සලය යටින් තියෙන්නේ. නියුමැටික් ඔපරේට් වෙන දොරවල් එහෙම තිබුනා.

    ReplyDelete
    Replies
    1. ජර්මන් ටෙක් එකේ .කොට්ටාව පාස් බස් එක හැටියට දිව්ව. Maecedes Benz 312 එන්ජින් එකක් තියල තිබුනා පස්සේ කාලේ. 1986 පමන වෙනකන් තිබුනා.////

      අපි නම් දැක්කේ නම් නැ.. එත් ඔය කියන ජාතියේ එන්ජිමක් තිබුනා ඔටෝමබයිල් සෙක්ෂන් එකේ එක සිලින්දඩට එක සිලින්ඩරහෙඩ් එක ගානේ වෙනවෙන වෙනම ගැලවිය හැකි

      Delete
    2. සමාවන්න "එක සිලින්දඩට" එක සිලින්ඩරයකට යනුවෙන් නිවැරදි විය යුතුයි.

      Delete
    3. ඇනෝ
      ඔබ වැස්සකටවත් ජර්මන් ටෙක් එකට ගිහින් තියනවද කියල සැකයි.හොඳම දේ තමන් හරියට දන්නේ නැති දේ ගැන කතා නොකර ඉන්න එක.මේ බස් එක ගැන අහන්න 70/80 ගනන්වල ජර්මන් ටෙක් එකේ උගන්නපු හරි ඉගෙනගත්තු අයගෙන්.මේ බස් එක පදවපු චෙසි අංශයේ උපදේශක ඊ.ඒ.සෝමපාල මහතා තවම ජීවතුන් අතර ඉන්න නිසා කැමතිනම් අහන්න පුලුවන්.මෙන්න ඒ දවස්වල් ටෙක් එකේ තිබුන බස්, 22/1945 ඉකාරස්,22/1537 මර්සිඩීස් බෙන්ස් තවම තියනවා,22/2558 වෝල් බොඩි මර්සිඩීස් බෙන්ස්, 22/1618 ඇල්බියන් ඇබඩොර්නියන්.

      Delete
    4. AnonymousJune 12, 2016 at 9:20 AM
      .වෙන වෙනම හයක් තිබුනේ Ikarus එන්ජිමේ යි නැතිව Maecedes Benz 312
      නොවෙයි

      Delete
    5. ඇනෝ
      Ikarus 31බස් එකේ ඔරිජිනල් එන්ජින් එක සිලින්ඩර් හතරේ එකක්.ඔබට ඕන නම් හොයලා බලන්න.බ කියන සිලින්ඩර් හයේ එන්ජිම 1976/77 කාලයේ ලංගමට ගෙනා Csepel බස් කීපයෙන් එකක එන්ජින් එක.Csepel බස් එකේ 12 වොල්ට් විදුලිය පද්ධතියක් තිබුනට ස්ටාටර් මෝටරය 24 වොල්ට්. CSEPEL බස් දෙක තුනක් හොරන ඩිපෝ එකේ ත්බුනා.

      Delete
  3. OM TEGRETO & TAM bus ganath hoyanna.

    ReplyDelete
  4. ඇනෝ
    Mercedes Benz OM 312 එන්ජින් එකේ තිබෙන්නේ එක සිලින්ඩර් හෙඩ් එකක් පමනයි.වෙන වෙනම හයක් නැත.

    ReplyDelete
  5. OM එකක් තියෙනවා .නුවර ගුඩ්ශෙඩ් sltb diesel shed එකේ....ලගදීම ඒක අයින් කරයි...photo එක එවන්නම්...

    ReplyDelete