Thursday, July 24, 2014

ශ්‍රී ලංගම අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවය - SLTB Super Luxury Tourist Transport Service (SLTTS)

This photo was taken on July 23, 2014 in Katubedda, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
This photo was taken on July 23, 2014 in Katubedda, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් එකතු වුනු විශේෂ ඒකකයක් වන අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවය පිලිබඳවයි මේ කෙටි සටහන. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සමගාමීව ශ්‍රී ලංකාවට ගෙන්වනලද YUTONG ZK6930H වර්ගයේ බස් රථ 80 න් බස් රථ 68ක් සමුළුවෙන් පසුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත සපයා දෙන ලදී. එම බස් රථ යොදාගෙන ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය අනුබද්ධව මෙම  අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවය අරඹා ඇත. එම බස් රථ නඩත්තුව මෙන්ම ධාවන කලමණාකරනය සිදුකෙරෙන්නේ ද මෙම ඒකකය මගිනි. මෙම විශේෂ ඒකකයේ වර්තමාන සේවාවන් මෙසේය.
  1. සංචාරක ආකර්ෂණයක් පවතින ප්‍රදේශ සඳහා සුඛෝපබෝගී පොදු මගී ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම.
  2. විශේෂ සංචාර සඳහා කුලී පදනම මත බස් රථ ලබා දීම.
  3. අධිවේගී මාර්ගයන් හි පොදු සේවා සඳහා දායකත්වය ලබා දීම.

සංචාරක ආකර්ෂණයක් පවතින ප්‍රදේශ සඳහා සුඛෝපබෝගී පොදු මගී සේවා
This photo was taken on July 09, 2014 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
30 වසරක කුරිරු යුද්ධය නිමා වීමෙන් පසු ශ්‍රී ලංකාව, අනෙකුත් ක්ෂේත්‍රයන්හි මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ ද ලබාගත් ප්‍රගතිය බොහෝය. රටේ ජාතික ප්‍රවාහන සේවය වශයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයද එම ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් තම දායකත්වය සපයා තිබේ. ඒ යටතේ ශ්‍රී ලංගම අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවය මගින් කොළඹ මධ්‍යම බස් නැවතුමේ සිට සංචාරක ගමනාන්තයන් වෙත දිනපතා සුඛෝපබෝගී පොදු මගී සේවා ආරම්භ කර තිබේ. පාසිකුඩා, ආරුගම්බේ, කල්පිටිය, තංගල්ල හා බදුල්ල යන ගමනාන්තයන් වෙත වර්තමානයේ එම සේවා ක්‍රියාත්මකය. ආසන වෙන් කිරීම ශ්‍රී ලංගම මධ්‍යම බස් නැවතුමෙන් සිදු කල හැකි අතර අන්තර්ජාලය මගින් ආසන වෙන් කිරීම ඇතුළු තවත් පහසුකම් ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත බව ශ්‍රී ලංගම අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවයේ මෙහෙයුම් කළමනාකරු වන විජිත් ජයසුන්දර මහතා අප සමඟ පැවසීය
ගමනාන්තය
කොළඹින් පිටත්වීම
ආපසු පැමිණීම
ගමන් ගාස්තුව
පාසිකුඩා
රාත්‍රී 9.00
රාත්‍රී 9.00
රුපියල් 800.00
ආරුගම්බේ
රාත්‍රී 9.30
රාත්‍රී 9.30
රුපියල් 1000.00
කල්පිටිය
ප. ව. 2.00
ප. ව 5.00
රුපියල් 460.00
තංගල්ල
ප.ව. 12.30
ප.ව 5.15
රුපියල් 680.00
ප.ව. 2.30
පෙ.ව. 7.00
බදුල්ල
රාත්‍රී 11.00
රාත්‍රී 10.00
රුපියල් 750.00
මේ අනුව එම ප්‍රදේශවල සංචාරය කිරීමට බලාපොරොත්තු වන දෙස් විදෙස් සංචාරකයන්ට ඉතා අඩු වියදමකින් තම ප්‍රවාහන පහසුව සලසාගත හැකිය. උදාහරණ වශයෙන් පාසිකුඩා ප්‍රදේශයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වෙන අයෙකුට රාත්‍රී 9.00 පාසිකුඩා බස් රථයන් ගමන් පහසුව සලසා ගත හැකි අතර පසු දින උදෑසන පාසිකුඩා වෙත ලඟා විය හැක. දහවල් කාලය සංචාරය කිරීමන් පසු රාත්‍රී 9.00 බස් රථයෙන් ආපසු කොළඹ බලා පැමිණීමේ පහසුකම පවතී.

විශේෂ සංචාර සඳහා කුලී පදනම මත බස් රථ ලබා දීම
This photo was taken on March 13, 2014 in Galle Face Green , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
This photo was taken on March 13, 2014 in Galle Face Green , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
ශ්‍රී ලංගම අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවයේ තවත් සේවාවකි, විශේෂ සංචාර සඳහා කුලී පදනම මත බස් රථ ලබා දීම. ඔබේ විශේෂ සංචාරය සඳහා අවශ්‍ය බස් රථ කුලී පදනම මත මෙම ඒකකයෙන් ලබා ගත හැක. ආසන 40 ක බස් රථ සඳහා වර්තමාන ගාස්තුව වශයෙන් කිලෝමීටරයට රුපියල් 160.00 ක මුදලක් අය කෙරේ. බස් රථ වල පහසුකම් පහතින් දැක්වේ.
  • වායුසමනය කල බස් රථ (AC)
  • වායු අවලම්බන පද්ධතියකින් යුක්තය (Air suspension) 
  • ගමන්බඩු ඇසිරීමේ පහසුව (Luggage)
  • සැකසිය හැකි ආසන (Adjustable seats)
  • රූපවාහිනී හා ශබ්දවාහිනී (TV and Sound systems)
  • කියවීම් ලාම්පු (Reading lamps)
  • බෝතල් ශීතකරණය (Bottle cooler)
විවිධ ආසන සංඛාවන්ගෙන් යුතු බස් රථ ඉදිරියේදී මෙම ඒකකයට එක් කරීමට නියමිත බව විජිත් ජයසුන්දර මහතා අපට පැවසීය. 011 2 612 212 යන ශ්‍රී ලංගම අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවයේ ක්ෂණික දුරකථන අංකයට ඇමතීමෙන් ඔබට මේ පිලිබඳ වැඩිදුර තොරතුරු සපයා ගත හැක. 

අධිවේගී මාර්ගයන් හි පොදු සේවා සඳහා දායකත්වය ලබා දීම.
This photo was taken on June 11, 2014 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
ශ්‍රී ලංගම අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් බස් රථ දිවයිනේ සෑම අධිවේගී මාර්යක්ම ආවරණය වන පරිදි ධාවනයට යොදවා ඇත. මෙම සේවාවන් වල දැඩි ඉල්ලුමක් පවතින සති අන්තයේ මෙන්ම සතියේ දින වලද බස් රථ ධාවනයට සපයමින් අධිවේගී මාර්ග වලින් තම ගමන් පහසුව සලසා ගන්නා පොදු මගී ජනතාවට කාර්යක්‍ෂම සේවාවක් ලබාදීම සඳහා තම ඒකකයේ දායකත්වය සපයා ඇත.

ශ්‍රී ලංගම අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවය සම්බන්ධ කරගැනීමට
This photo was taken on July 23, 2014 in Katubedda, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
ලිපිනය:                                 ශ්‍රී ලං. ග. ම.  අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවය,
                                             ගාලු පාර,
                                             කටුබැද්ද,
                                             මොරටුව.
                                             (කාර්යාලය කටුබැද්ද සංචාරක ඩිපෝව අසල පිහිටා ඇති අතර බස්                                                   අංගනය පිහිටා ඇත්තේ කටුබැද්ද රුයදුරු අභ්‍යාස විද්‍යාලය අසල වේ)
දුරකථනය:                             011 2 612 212
මෙහෙයුම් කලමනාකාරතුමා:  077 0 026 014
ඊමේල් ලිපිනය:                       luxurytransport@sltb.lk
වෙබ් අඩවිය:                          www.sltb.lk (මෙම ඒකකය සඳහා වෙනම වෙබ් අඩවියක් ඉදිරියේ දී                                                හඳුන්වා දීමට නියමිතය)


5 comments:

  1. Uthpala obata sthuthi, me article ekai sunami bus gena article ekenui site ekata aluth wenasak genawa. Hama sathiyeme mehema article ekak post kaloth blog eka thawath janapriya wei. Obata jaya

    ReplyDelete
  2. මම මේ බ්ලොග් එකත වැඩිය කොමෙන්ට් නොකරට මම මේ වෙබ් අඩවියේ රසිකයෙක්. දැන් පුද්ගලික අංශයේ දුවන ගොඩක් ඒසී බස්, නමට ඒසී. ගාල්ලේ එදන් කොළඹ ගියොත් කොළඹට යද්දි කොන්ද රිදෙනවා. අධිවේගයේම නැතුව නගරාන්තර සුඛෝපභෝගී සේවයක් අපේ ලංගමෙන් යොදනවා නම් ගොඩක් වටිනවා.
    ඒ වගේම මේ අලුත් බස් වල යන මගීන් ඒවා පිරිසිදුව පාවිච්චි කල යුතුයි.

    ධනූ

    ReplyDelete
  3. කුරැනෑගල නුවර අතර දුවපු බස් ටිකත් ගත්තාද.ලගදි දැක්ෙක් නෑ

    ReplyDelete
  4. me bus hadanne mona rateda?chinada?

    ReplyDelete
  5. මේ බස් රථ වල විස්තර ටිකක් දාන්න විශේෂයෙන් කාර්මික තොරතුරු ටිකක් දාන්න පුලුවන්ද?

    ReplyDelete