Wednesday, May 23, 2012

AEC RFW coach from CTB Specail Tours

This photo was taken in January 1972 in Kandy, Central, LK.
Click on the image for full size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Special Tours, AEC RFW (standing for Regal Four Wide) Coach in Kandy. (Photo courtesy: andywsx on Flickr) -- 1960 දශකයේ ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම / වත්මන් ශ්‍රී ලංගම) විශේෂ සංචාර සේවා ඇණිය සඳහා එංගලන්තයෙන් ආනයනය කර ඇති AEC RFW වර්ගයේ බස් රථයක මහනුවරදී ලබාගන්නා ලද පින්තූරයකි. මෙම බස් එකල සංචාරකයන් ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇති අතර මේවායේ බඳ බ්‍රිතාන්‍ය  AEC සමාගම මගින් නිපදවා ඇත. එම සමාගම මගින් මෙම වර්ගයේ බස් රථ 15 ක් නිපදවා ඇති අතර එයින් 13 ක් ලංගම විශේෂ සංචාර ඇණිය සඳහා මිලදී ගෙන ඇත. මෙම ඡායාරූපය 1972 වසරේ දී ලබාගත්තක් බව උපුටාගත් අඩවියේ පළවී තිබුණි. මෙම බස් රථ වල එන්ජිම බසයේ මැද පිහිටා ඇති අතර එන්ජිමට අවශ්‍ය වාතාස්‍රය ලබාගැනීමට ඉදිරි රෝදයට පිටුපසින් ඇති සිදුර භාවිතා කර ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. 

2 comments:

  1. 1970 දශකයේ විදේශීය සංචාරකයන් රට වටා ප්‍රවාහනය කිරීම පිණිස ලංගමය මඟින් බස් කිහිපයක් යොදවා තිබුණා. ඒ අංශය හැඳින්වූයේ "Transboard Tours" නමින්. අනෙකුත් සංචාරක නියෝජිතායතන මෙන් ලංගමය ද ඒ සඳහා යොදා ගත්තේ ජපානයෙන් ආනයනය කළ බස් රථ යි (ලංගමයට තිබුණේ Mitsubishi Fuso බස්). මෙහි දැක්වෙන AEC Regal RFW බසය සංචාරක කර්මාන්තයේ මුල් අවධියේ භාවිතා කළ එකක් බව යි පෙනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. Hi
      only 15 RFW coaches were built , 13 were sold to CTB for use as special tour buses( later Transboard Tours) unfortunately non have survived in SrI Lanka
      De Silva
      Suffolk
      UK

      Delete

Related Posts Plugin for WordPress, Blogger...