Showing posts with label werahara body+830WF. Show all posts
Showing posts with label werahara body+830WF. Show all posts

Wednesday, November 29, 2017

CTB bodied Austin 830WF bus from Ceylon Transport Board

This photo was taken in 1971 in Colombo, Western, LK.
Click for the full size picture.
A brand new, CTB bodied Austin 830WF 24 seater in Colomo in 1971. The bus is on  trade plates awaiting allocation of it's new registration number (Photo by: Barry Wilkinson) -- ලංකා ගමනාගමන මණ්ඩලය (ලං.ග.ම.) මගින් බඳ සැකසූ ඔස්ටින් 830WF වර්ගයේ නවතම බස් රථයක් 1971 වසරේ කොළඹ දී. 1970 දශකයේ මුල් භාගයේ පුද්ගලික අංශය විසින් ගෙන්වූ ලොරි තට්ටු (chassis) තොගයක් රජයට පවරාගෙන ලංගම වැඩපොළ වල දී බඳ සකසා ලංගම යටතේ මගී ප්‍රවාහනයට එක් කර ඇති මෙම බස් රථ ආසන 24 කින් සමන්විත වී ඇත. 23ශ්‍රී කාණ්ඩය යටතේ ලියාපදිංචි වී ඇති මෙම රථයට ඡායාරූප ලබාගන්නා අවස්ථාව වන විටවත් එහි ලියාපදිංචි අංකය ලැබී නොමැත. (ඡායාරූපය: Barry Wilkinson)

Friday, September 21, 2012

CTB bodied Austin 830 WF lorry bus from CTB Maharagama depot

This photo was taken in 1971 in Maharagama, Western, LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB) Maharagma depot, CTB bodied Austin 830WF lorry bus (23ශ්‍රී4989) near the depot. This model was actually a truck chassis but CTB had quite a number built as buses (Photo by: John Shearman)  -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වූ ඔස්ටින් 830 WF වර්ගයේ ලොරි බස් රථයකි. රථය මාර්ග අංක 110 යටතේ මහරගම හා පිළියන්දල අතර ධාවනයට යොදවා තිබී ඇත. 1970 දශකයේ මුල් භාගයේ  පුද්ගලික අංශය විසින් ගෙන්වූ ලොරි තට්ටු (chassis) තොගයක් රජයට පවරාගෙන ලංගම වැඩපොළ වල දී බඳ සකසා ලංගම යටතේ මගී ප්‍රවාහනයට එක් කර ඇත. ලොරි තට්ටුවක් යොදාගෙන නිපදවා ඇති නිසා ගැස්සෙන සුළු බස් රථයක් බව අත්දැකීම් ඇත අය කියති. පසුකාලීනව ඇතිවූ අමතර කොටස් ගැටළු නිසා ලංගම මගින් මෙම බස් වෙන්දේසියට නියම කර ඇති අතර පුද්ගලක අංශය විසින් මිලදී ගෙන ඇතැම් බස් නැවත ලොරි ලෙස භාවිතා වී ඇත. කෙසේ වූවද 1990 දශකයේ අග භාගය දක්වාම මෙම වර්ගයේ බස් රථ ධාවනය වී ඇති බවට සාක්ෂි තිබේ. (ඡායාරූපය:  John Shearman)