Thursday, May 2, 2013

ශ්‍රී ලංගම ප්‍රවේශ පත්‍ර (කොටස 05) - ඉලෙක්ට්‍රොනික ප්‍රවේශපත්‍ර යන්ත්‍ර -- SLTB Tickets (Part 05)

ශ්‍රී ලංගම ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ නවතම ක්‍රමය වන්නේ ඉලෙක්ට්‍රොනික ප්‍රවේශපත්‍ර යන්ත්‍රයයි. ගමන් ගාස්තු සහ ගාස්තු වෙනස් වන ස්ථාන පිලිබඳ තොරතුරු යන්ත්‍රය තුල අන්තර්ගත කර ඇති අතර මගියාගේ ගමනට අදාළ ස්ථානය කොන්දොස්තර තැන විසින් යෙදු පසු සවිස්තර ප්‍රවේශ පත්‍රයක් ස්වයන්ක්‍රීයව මුද්‍රණය වේ. කෙසේ වෙතත් යම් යම් කරුණු නිසා මෙම යන්ත්‍ර තවමත් ඇතැම් මාර්ග වල භාවිතයට නොගැනේ. එම අවස්තාවන් වලදී හා යන්ත්‍ර හිඟ අවස්ථාවන් වලදී අතින් ලියා නිකුත් කරන ප්‍රවේශපත්‍ර පොත භාවිතයට ගැනේ.

ශ්‍රී ලංගම භාවිතා කරන ඉලෙක්ට්‍රොනික ප්‍රවේශපත්‍ර යන්ත්‍රයක්

 ඉලෙක්ට්‍රොනික ප්‍රවේශපත්‍ර යන්ත්‍ර භාවිතා කර නිකුත් කල ප්‍රවේශ පත්‍ර දෙකක්
  


ශ්‍රී ලංගම සුඛෝපොබෝගී නාගරික සේවා බස් රථයක ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයකින් නිකුත් කෙරුණු  ප්‍රවේශ පත්‍රයක්.

ඉලෙක්ට්‍රොනික ප්‍රවේශපත්‍ර යන්ත්‍රවල බැටරි ආරෝපණය කරන ආකාරය (කඩවත ඩිපෝව)

No comments:

Post a Comment