Wednesday, June 6, 2012

B50F bodied Leyland Comet bus from SLCTB Kesbewa depot

This photo was taken on 1981 in Kasbewa, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Kasbewa depot,  B50F bodied Leyland Comet bus (KB 04 / 22ශ්‍රී3903) parked at the rear of the depot in 1981. Photo by: Geoff Bruse --  ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) කැස්බෑව ඩිපෝවට අයත්ව තිබූ, B50F වර්ගයේ බඳකින් යුතු ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයක් 1981 වසරේ ඩිපෝව පසුපස ගාල් කර තිබියෙදී. 1959 වර්ෂයේ බ්‍රිතාන්‍යයෙන් ආනයනය කල මෙම බස් රථ 1980 දශකයේ මැද භාගය දකවාම ධාවනයේ තිබුණු බවට සැලයි.

Rear view of a CTB (Ceylon Transport Board) Leyland Comet bus in 1970 -- 1970 වසරේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මෙම වර්ගයේ බස් රථයක පිටුපස පෙනුම (කොළඹ ගාලු මුවදොර දී)
Click for the full size picture.

8 comments:

  1. මෙම බස් රථය නම් දැක තිබෙන්නේ චිත්‍රපටවලින් පමණයි. නිසි සංරක්ෂණයක් නොමැති නිසා මෙවැනි බස් රථ විශාල ප්‍රමාණයක් විනාශ වුණා. එය දුම්රියටද පොදු කරුණක්. දැනට පැරණි විශේෂිත බස් රථ ලෙස දක්නට ඇතතේ බෙන්ස් බස් රථ කිහිපයක් හා ඩිපෝවල දිරන rt layland බස් රථ පමණයි.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. ලංගම කියන්නේ 1958 සිට තියෙන ආයතනයක්. ඒ නිසා ලංගමට කෞතුකාගාරයක අවශ්‍යතාවයක් තිබුනා. එත් ප්‍රවාහන බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් ඒවා අභාවයට ගිහින්.. :/

      Delete
    2. After auction this was under wetrara omini bus company

      Delete
  2. මෙවැනි බස් රථ 02ක් පමණ මාර්ග අංක 255 ගල්කිස්ස - කොට්ටාව මාර්ගයේ ධාවනය උනා 1990 - 1992 අතර වගේ කාලෙ. මතක හැටියට නං රත්මලාන ඩිපෝවෙ බස් රථ.

    ReplyDelete
  3. උත්පල
    ලංගමට කාලයක් සම්බන්ධවෙලා හිටපු මට මේ පොටෝ ටික දැක්කහම හරි සතු‍ටුයි.මේ උඩම තියන 23 ශ්‍රී 2696 ඩබල් ඩෙකර් එක මගෙ ජීවිතේට බොහොම සමීප එකක්.අපේ පාසැල් බස් එක .කහතුඩුවෙ ඉඳලා ගාමිනී හෝල් දක්වා ගියේ,ඒ වගේම මේ බස් එක එලවපු ලයනල් අයියා කියල අපි කියපු රියදුරු මහතා මේ බස් එක ඉතාම ආදරයෙන් බලා ගත්තා.එයා නිවාඩු නම් බස් එකටත් නිවාඩු.වෙන ඩ්‍රයිවර් කෙනෙකුට දෙන්නෙ නෑ ඩිපෝ එකෙන්.මම හිතාගෙන හිටියෙ මේ බස් එක තාම මහරගම ඩිපෝවෙ තියනව කියලයි.මේ anciant SLTB British Leyland කියල තියන බස් එකට කිව්වෙ අලියා කොමට් කියල.පරන ලේලන්ඩ් ගොඩක් ඒව මොඩල් එක කොමට්.ටයිගර් කබ් ,ඇල්බියන් ඇරුනහම.අර ඩබල් ඩෙකර් මූන තියන තනි තට්‍ටුවෙ ඒවට කිව්වෙ යකා බස්.

    ReplyDelete
  4. මාවතේ අපි.....January 6, 2016 at 9:31 PM

    මේ බස් එකට කියන්නේ අලියා කොමට් කියලා මෑතක් වනතුරු 1995 වගේ මුදලාලි කෙනෙක් ගාව 155 මේකක් දිව්වා ලස්සෙ ඒක බෝතල්කඩේට දීලා....

    ReplyDelete
  5. 22 SRI was the last common registration series for diesel vehicles. There were buses, lorries, tractors & even cars registered as 22 SRI. There was a diesel Mercedes Benz W 120 car registered as 22 SRI 105. After 22 SRI buses were allocated 23 SRI, lorries 24 SRI, Jeeps, cars & tractors 25 SRI. 23 SRI 1 was a Mercedes Benz bus operated by the then Welimada depot. This bus was later used by Grman Tech.

    ReplyDelete
    Replies
    1. Infact IC was also allocated for Diesel commercial vehicles before 22 Sri.....but I remember Mercedes Benz 170 D (??) registered under IC as it may have been the only Diesel car at that time !!

      Delete