Showing posts with label preservation. Show all posts
Showing posts with label preservation. Show all posts

Saturday, May 5, 2018

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලීය බස් රථ සංරක්ෂණ ව්‍යාපෘතිය


ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස් රථ ලැබීමත් සමඟ මණ්ඩලය සතුව පැවති පැරණි බස් රථ ධාවනයෙන් ඉවත් වීමේ ප්‍රවණතාවක් පසුගිය සමයේ දක්නට ලැබුණි. විශේෂයෙන්ම 2014 බස් රථ 2200 ව්‍යාපෘතියෙන් පසු එම තත්වයේ කැපී පෙනෙන වැඩි වීමක් දක්නට ලැබුණ බව කිව යුතුය. ජාත්‍යන්තර පොදු ප්‍රවාහන සම්මතයන්ට අනුව බස් රථයක උපරිම ආයු කාලය වසර 15 ක් පමණ වන බැවින් ඒ පිළිබඳව කිසිදු පාර්ශවයකට චෝදනා කිරීමටද හැකියාවක් නැත. නමුත් අතීතයේ භාවිත කරන ලද බස් රථයක් දැක ගැනීමට හෝ නොහැකි වී යාම පිළිබඳව බස් රථ වලට ආදරය කල සහ කරන බොහෝ දෙනෙකු තුල කනස්සල්ලක් වීය. මෙම කරුණු හේතු කොටගෙන ලංගම බස් අඩවිය හා සම්බන්ධව සිටින අප කීපදෙනෙකු විසින් බස් රථ සංරක්ෂණ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට යෝජනා කරන ලද අතර එම ව්‍යාපෘතියට මණ්ඩලීය පරිපාලනය මගින් සුභවාදී ප්‍රතිචාරයක් ලැබුණි. මේ වනවිට එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක මට්ටමට පැමිණ ඇත. මේ යටතේ දැනට ඉතිරි වී ඇති බස් රථ වර්ග වලින් එක් බස් රථයක් බැගින් තෝරාගෙන එම රථ සංරක්ෂිත රථ ලෙස නම් කොට ඒවා මුල් පෙනුමටම අලුත්වැඩියා කොට ධාවන මට්ටමේ පවත්වාගෙනයාමට එමගින් යෝජනා කරන ලදී. ඒ වෙනුවෙන් පිටු 10 කින් යුතු සංරක්ෂණ ව්‍යාපෘති වාර්තාවක් අප විසින් සම්පාදනය කරන ලද අතර එහි සංශිප්තයක් පහතින් දැක්වේ.