Showing posts with label Aero Star. Show all posts
Showing posts with label Aero Star. Show all posts

Tuesday, March 2, 2021

ජංගම පුහුණු ඒකකයක් වූ ලංගම බස් රථය

ජංගම පුහුණු ඒකකයකට  පරිවර්ථනය වූ NA-1744 දරණ Mitsubishi Fuso Aero Star වර්ගයේ බස් රථය 2021 මාර්තු 20 දින ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී  
ජංගම පුහුණු ඒකකයකට  පරිවර්ථනය වූ NA-1744 දරණ Mitsubishi Fuso Aero Star වර්ගයේ බස් රථය 2021 මාර්තු 20 දින ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී  
මා ඔබට පූර්වයෙහි සඳහන් කර ඇති පරිදි බස් රථය වනාහී සිය අවසන් නිමේෂය දක්වා මහජනයාට සේවය කරන්නා වූ අපූර්ව වස්තුවකි. එය ලංගම බසයක් වූ කලී එය ලාංකික ජන හදවත් වලට තවත් සමීපය. මේ ඒ වෙනුවෙන් ලැබෙන ආසන්නතම උදාහරණයයි. පොදු ප්‍රවාහනයෙන් විශ්‍රාම ගත් මෙම ලංගම බස් රිය දැන් පරිවර්තනය වී ඇත්තේ වෘත්තීය පුහුණුව හදාරණ දරුවන්ගේ ප්‍රායෝගික දැනුම තීව්‍ර කරන ජංගම පුහුණු ඒකකයකටයි. ජාතික ගමනාගමන සේවයෙන් විශ්‍රාම ගියද එතැන් පටන් මෙම බස් රථය දැයේ තාරුණ්‍යය නිපුණතාවයෙන් පිරිපුන් හෙට දවසක් කරා රැගෙන යාමේ ගමනට එකතු වී ඇත. සැබැවින්ම මෙය ජංගම ඉලෙක්ට්‍රිකල් හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ විද්‍යාගාරයකි. NA-1744 දරණ Mitsubishi Fuso Aero Star වර්ගයේ මෙම රථය පූර්වයෙහි ශ්‍රී ලංගම ගාල්ල, මට්ටක්කුලිය හා කැස්බෑව යන ඩිපොවන්ට අනියුක්තව පොදු ප්‍රවාහන සේවා සපයා ඇත. 2018 වසරේ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වෙත අලුත්වැඩියාව පිණිස යවා ඇති මෙම රථය කලක් එහි පැවතී ඇති අතර 2021 මුල් භාගයේ ශ්‍රී ලංගම මගින් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (NAITA) වෙත මෙලෙස පවරා ඇත. පසුව ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය හා ශ්‍රී ලංගම ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංගම මහරගම ඩිපෝවේ දී ජංගම ඉලෙක්ට්‍රිකල් හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ විද්‍යාගාරයක් ලෙස පරිවර්තනය වූ මේ අපූරූ රථය අද දින එනම් 2021 මාර්තු මස 02 වන දින ශ්‍රී ලාංකික දරු පරපුර වෙනුවෙන් තිළිණ වූයේ ජනාධිපතිතුමා අතිනි.
මේ පිලිබඳ ලංගම බස් අඩවිය වෙත අදහස් දැක්වූ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ පුහුණු අධ්‍යක්‍ෂතුමන් වන නිලන්ත ද සිල්වා මහත්මා පැවසුවේ බොහෝ කලක සිට තමන්ගේ සිතෙහි තිබූ සිහිනයක්, යම් දවසක සැබෑවක් විය යුතුව තිබූ අවශ්‍යතාවයක් අද ඉටු වූ බවයි. ඒ වෙනුවෙන් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශයටත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයටත් විශේෂයෙන් දින 20 ක් වැනි කෙටි කාලයක දී රථයේ වැඩ නිම කර දුන් මහරගම ඩිපෝවටත් ඒ මහතා ස්තූතිය පළ කරයි. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ ප්‍රායෝගික පරීක්ෂණාගාර නොමැති ප්‍රදේශ වල දරුවන්ගේ පුහුණුව වෙනුවෙන් මෙම රථය යෙදවීමට බලාපොරොත්තු වන බවයි. තවද ඉදිරියේදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තවත් මෙවැනි රථ කිහිපයක් නිමවීමටද බලාපොරොත්තු වන බව එතුමා සඳහන් කරන ලදී.

NA-1744 අතීතය
2005 වසරේ ජපාන සුනාමි ආධාරයක් වශයෙන් මෙරටට ලැබී ඇති මෙම රථය 1993 වසරේ නිෂ්පාදනය කරන ලද්දකි. ටෝකියෝ නගරයේ පොදු ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් නිමවී ඇති මෙම රථය 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබෙන විට ජපානයේ වසර 12 ක සේවා කාලයක් නිම කොට තිබුණි. 2005 වසරේ මෙරටට ලැබීමෙන් පසු ශ්‍රී ලංගම යටතේ ඩිපෝවන් කීපයක් යටතේ පොදු සේවාවන් සඳහා දායක වී ඇති මෙම බස් රථය, මුලින් ශ්‍රී ලංගම ගාල්ල ඩිපෝව යටතේ පැවතී ඇති අතර ශ්‍රී ලංගම යටතේ අවසන් කාළ වකවානුවේ පැවතී ඇත්තේ මට්ටක්කුලිය හා කැස්බෑව ඩිපෝවන් යටතේය.
රථය 2013 වසරේ ශ්‍රී ලංගම මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනය වෙමින්. මේ පිලිබඳ අප පෙර පල කල ලිපිය ලබාගැනීම සඳහා ඡායාරූපය මත click කරන්න.
2015 වසරේ ශ්‍රී ලංගම කැස්බෑව ඩිපෝව වෙත ලැබී ඇති රථය ඩිපෝව මගින් අලුත්වැඩියා කර ධාවනයට සපයන ලදී. 
2015 වසරේ මාර්තු මස කැස්බෑව ඩිපෝ ඉංජිනේරු අංශයේදී අලුත්වැඩියා වෙමින් 
පසුව ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වෙත යැවී ඇති මෙම රථය ජංගම පුහුණු ඒකකයක් ලෙස නවීකරණය වන තෙක්ම එහි පැවතී ඇත
2019 පෙබරවාරි මස ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතන පරිශ්‍රයේ දී 
ටෝකියෝ නුවර මගී ජනතාවගේ පොදු ප්‍රවාහන අවශ්‍යතාව වෙනුවෙන් නිම වී, වසර 12 ක් ජපානයට සේවය කර, අහඹු සුනාමි ව්‍යසනය නිමිති කොට ලාංකේය මගියාට සරණ වීමට මෙහි පැමිණ, වසර 13 ක් ලාංකේය මගියා වෙනුවෙන් ඔබ මොබ සැරිසරා ඉනික්බිති රටේ සිසු පරපුරේ නැණස තීව්‍ර කිරීම වෙනුවෙන් යෙදවෙන මේ මහානර්ඝ වස්තුව තවත් බොහෝ කාලයක් ලාංකේය දරු පරපුර වෙනුවෙන් දිවයින පුරා ඔබ මොබ සැරිසරනු දැකීම ලංගම බස් අඩවියේ අපේ අභිප්‍රායයි. 

සටහන: උත්පල දිල්හාන් 
ඡයාරූප: රොෂාන් අතාවුද, උත්පල දිල්හාන් 
විශේෂ ස්තූතිය: ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය

Sunday, July 12, 2020

Mitsubishi Fuso Aero Star city bus from SLTB Matara depot

This photo was taken on February 16, 2017, in Katubedda, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot, Mitsubishi Fuso Aero Star city bus (NA-1811) in the super luxury tourist transport service depot yard. Acquired to the SLTB fleet in 2005 as a Tsunami aid by the Japanese government. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝව යටතේ ධාවනය වන Mitsubishi Fuso Aero Star වර්ගයේ බස් රථයක් කටුබැද්ද අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවයේ බස් ගාලේ දී. 2005 වසරේ ජපානයෙන් ලැබෙන සුනාමි අධාරයක් වශයෙන් ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය ටෝකියෝ අගනුවර පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් 1993 වසරේ නිමවා ඇත. ඡායාරූප ලබා ගන්නා අවස්ථාවේ වායුසමන පද්ධතියේ අළුත්වැඩියා කටයුත්තක් වෙනුවෙන් රැගෙනවිත් තිබුණි.

Friday, February 27, 2015

Mitsubishi Fuso Aero Star city bus from SLTB Rambukkana depot

This photo was taken on February 26, 2015 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on February 26, 2015 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sri Lanka Transport Board (SLTB) Rambukkana depot Mitsubishi Fuso Aero Star city bus (NA-0590) in the depot premises. Acquired to the SLTB fleet in 2005 as a Tsunami aid by the Japanese government. Allocated for the services between Kegalle and Rambukkana. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝව යටතේ ධාවනය වන Mitsubishi Fuso Aero Star වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී . 2005 වසරේ ජපානයෙන් ලැබෙන සුනාමි අධාරයක් වශයෙන් ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය ටෝකියෝ අගනුවර පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් 1992 වසරේ නිමවා ඇත. රථය රඹුක්කන ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇත්තේ 2014 වසරේ දෙසැම්බර් මස සිටය. ධාවනයෙන් ඉවත්ව තිබී ඇති මෙම බස් රථය රඹුක්කන ඩිපෝව මගින් මෙලෙස අලුත්වැඩියා කර ධාවනයට සපයා ඇත. ඡායාරූප ලබා ගන්නා අවස්ථාවේ රඹුක්කන හා කෑගල්ල අතර ධාවනයට යොදවා තිබුණි

This photo was taken on February 26, 2015 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on February 26, 2015 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on February 26, 2015 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, May 11, 2014

Mitsubishi Fuso Aero Star city bus from SLTB Mattakkuliya depot

This photo was taken on May 10, 2013 in Lake Crescent, Colombo, Western, LK, using a Sony LT25 Xperia V.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mattakkuliya depot, Mitsubishi Fuso Aero Star city bus (NA-1744) at Lake Crescent, Colombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනය වන Mitsubishi Fuso Aero Star වර්ගයේ බස් රථයක් කොළඹ ලේක් චන්ද්‍රවංකයේ දී . 2005 වසරේ ශ්‍රී ලංගම රථ ඇණියට එක්වී ඇති රථය මෙරටට ලැබී ඇත්තේ 2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ලැබෙන ජපන් ආධාරයක් වශයෙනි. කලක් ජපානයේ භාවිතා කර ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථය 1993 වසරේ නිෂ්පාදිතය. කෙසේ උවද මෙම බස් රථය මට්ටක්කුලිය ඩිපෝවට ලැබී ඇත්තේ මෑතකාලීනාවය. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ මාර්ග අංක 145 යටතේ මට්ටක්කුලිය හා සීමාමාලකය අතර ධාවනයට එක් කොට ඇත.

Sunday, August 11, 2013

Mitsubishi Fuso Aero Star city bus from SLTB Nittambuwa depot

This photo was taken on February 24, 2012  in Nittambuwa, Western, LK, using a Sony DSC W55.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot Mitsubishi Fuso Aero Star city bus (NT 17 / NA-0473) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝවට අයත් Mitsubishi Fuso Aero Star වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2005 වසරේ මෙම බස් රථ ශ්‍රී ලංගමට ලැබෙන්නේ, 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයට ලැබෙන ජපන් ආධාර වශයෙනි. කලක් ජපානයේ භාවිතා කර ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය.

Side view -- බස් රථයේ පැති පෙනුම. (මෙම රථයේ පිටුපස දොරටුව අනෙක් බස් රථ වල මෙන් හැකිලෙන දොරටුවක් නොවේ)
This photo was taken on February 24, 2012  in Nittambuwa, Western, LK, using a Sony DSC W55.
Click for the full size picture.

This photo was taken on February 24, 2012  in Nittambuwa, Western, LK, using a Sony DSC W55.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on February 24, 2012  in Nittambuwa, Western, LK, using a Sony DSC W55.
Click for the full size picture.
This photo was taken on February 24, 2012  in Nittambuwa, Western, LK, using a Sony DSC W55.
Click for the full size picture.
This photo was taken on February 24, 2012  in Nittambuwa, Western, LK, using a Sony DSC W55.
Click for the full size picture.

Monday, July 22, 2013

Mitsubishi Fuso Aero Star city bus from SLTB Polonnaruwa depot

This photo was taken on June 22, 2013 in Polonnaruwa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Mitsubishi Fuso Aero Star city bus (PL 117 / NA-1736) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන Mitsubishi Fuso Aero Star වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2005 වසරේ මෙම බස් රථ ශ්‍රී ලංගමට ලැබෙන්නේ, 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයට හේතුවෙන් ලබාදෙන ජපන් ආධාරයක් වශයෙනි. කලක් ජපානයේ භාවිතා කර ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. අදටත් මෙම බස් රථ ගමන් ගන්නා මගීන්ට මෙන්ම රියදුරුටද බොහොමත් සුවපහසුය. දුනු වෙනුවට බැලුන අවලම්බක පද්දතියක් ඇති නිසා (air suspension) ගැස්සීම් ද ඉතා අවමය. කෙසේ වෙතත් මෙම බස් රථ නිසා ලංගමට ආරථිකමය වශයෙන් පාඩු වී ඇත. මෙම බස් රථ වල ඉන්ධන පරිබෝජනය අනෙක් බස් වලට සාපේක්‍ෂව වැඩි වීම එයට හේතුවයි. තවද අමතර කොටස් මිල අධික වීම හා ඒවායේ හිඟයද ගැටළුවක් බවට පත්වී ඇත. කෙසේ වෙතත් මගී තදබදය වැඩි නගර ආශ්‍රිත මාර්ග සඳහා යොදවමින් එම පාඩුව අවම කරගනිමින් පොලොන්නරුව ඩිපෝව තවමත් සාර්ථකව මෙම බස් රථ ජනතා සේවා සඳහා යොදවයි. පොලොන්නරුව ඩිපෝව සතුව මෙම වර්ගයේ බස් රථ 2 ක් පවතින අතර ඒවා  තවමත් සාර්ථකව ධාවනය වේ.

This photo was taken on June 22, 2013 in Polonnaruwa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on June 22, 2013 in Polonnaruwa, North Central, LK, using a SAMSUNG WB101.
Click for the full size picture.

Saturday, April 14, 2012

Mitsubishi Fuso Aero Star city bus from SLTB Negombo depot

This photo was taken on February 8, 2012, in Oyamaduwa, Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot Mitsubishi Fuso Aero Star city bus (NA-1746) parked at the Deyata Kirula 2012 Exhibition premises, Oyamaduwa. Acquired to the SLTB fleet in 2005 as a Tsunami aid by the Japanese government.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝවට අයත් මිට්සුබිෂි ෆූසෝ එයිරෝ ස්ටාර් වර්ගයේ බස් රථයක්, ඔයාමඩුව දැයට කිරුළ 2012 ප්‍රදර්ශන භූමියේදී. 2005 වසරේ ජපානයෙන් ලැබෙන සුනාමි අධාරයක් වශයෙන් ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය ටෝකියෝ අගනුවර පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් 1993 වසරේ නිමවා ඇත. ඡායාරූප ලබා ගන්නා අවස්ථාවේ ඔයාමඩුව දැයට කිරුළ 2012 ප්‍රදර්ශන භූමියේ ගාල් කොට තිබුණි.

Sunday, January 22, 2012

Mitsubishi Fuso Aero Star city bus from SLTB Moratuwa depot

This photo was taken on December 12, 2011 in Dehiwala, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.
Sri Lanka Transport Board (S.L.T.B.) Moratuwa depot, Mitsubishi Fuso Aero Star city bus (MR 174 / NA-0686) at Dehiwala -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන මිට්සුබිෂි ෆූසෝ එයිරෝ සටාර් වර්ගයට අයත් බස් රථයකි. මෙම බස් රථ 2004 දී ඇතිවූ සුනාමි ව්‍යසනය සමග ජපන් ආධාර ලෙස ලැබුණු ඒවාය. ජපානයේ ටෝකියෝ නාගරික ප්‍රවාහන සේවය යටතේ ධාවනය වී ඇති මෙම රථ 1993 හා 1994 කාලසීමාවේ නිෂ්පාදිතය. යාරුපය ලබාගත්තේ දෙහිවලදීය.

නැවත අලුත්වැඩියාවකින් පසු කහ වර්ණ ගැන්වූ මෙම බස් රථය මහානාම විදුහලේ පාසල් බස් රථය ලෙස මොරටුව බලා ධාවනය වෙමින්.
This photo was taken on May 02, 2013  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 17, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.