Sunday, June 30, 2024

Ex London Transport Leyland RTW Double-decker bus from CTB Maharagama depot

This photo was taken in 1977 in Maharagama, Western, LK.
Click for the full-size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Maharagama depot, (Ex London transport) Leyland RTW double decker bus (23ශ්‍රී2696) on the Highlevel road in1977 . This photo was taken while it was running under the route number 138 between Maharagama and Townhall. Even though it has been 11 years since it was put into service under the CTB, the bus is unique in its original appearance and a high state of maintenance. Photo by: John Miller. Courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත්ව තිබූ ලේලන්ඩ් RTW වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් 1977 වසරේ හයිලෙවල් මාර්ගයේ දී. රථය 1966 වසරේ ලංගමට ලැබී ඇත. London transport ආයතනයේ භාවිතා කල මෙම රථ පසුව ලංගම සඳහා මිලදී ගෙන ඇත. Leyland වර්ගයේ තට්ටු යොදාගෙන "London Transport" ආයතනයේ පිරිවිතරයන්ට අනුව, Park Royal Vehicles Ltd මගින් බඳ නිමවා ඇති මෙම බස් රථ ලන්ඩන් නගරයට ආවේණික සංඛේතයක් බඳුය. ලංගමට ලැබුණු RT වර්ගයේ දෙමහල් බස් රථ අතරින් මෙම රථය සුවිශේෂී වී ඇත්තේ මම රථය වසර ගණනක්ම එහි මුල් පෙනුමෙන් මෙන්ම මනා නඩත්තු තත්වයකින් පැවතීම නිසාය. ධාවනයට එක්වූ දින සිටම එකම සේවක මඩුල්ලක් යටතේ රථය පැවතීම එම සුවිශේෂී බවට හේතු වී ඇත. ධාවනයට එක්වී ඇති දින සිටම මාර්ග අංක 138 ආවරණය කර ඇති මෙම රථය මුල් අවධියේ බොරලැස්ගමුව - නුගේගොඩ බාලිකා පාසල් බස් රථය ලෙස සේවා සලසා ඇත. රථයේ අවසාන කාල සීමාවේ මාර්ග අංක 112 යටතේ ද ධාවනය වී ඇති බව සැලයි. කෙසේ නමුත් 1980 දශකයේ අග භාගයේ මේම බස් රථය ආන්දෝලනාත්මක ලෙස ධාවන තත්වයේ තිබියේදීම වෙන්දේසි කොට ඇති අතර රථය පිලිබඳ  එවකට පාර්ලිමේන්තුවේ පවා කථිකා වී ඇත. අවාසනාවට මෙන් වත්මන් ශ්‍රී ලංගම සතුව මෙම වර්ගයේ එක් බස් රථයක් හෝ නොමැත. අවිධ්මත් ලෙස වෙන්දේසි නොකිරුණි නම්, අද වන විට ලංගම දෙමහල් බස් රථ වංශකතාවේ අපූරු නියෝජනයක් වීමට මෙම රථයට හැකියාව තිබෙන්නට ඇත. ඡායාරූපය: John Miller. උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide. තොරතුරු සැපයීම: ප්‍රේම් පෙරේරා මහතා

Sunday, June 23, 2024

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Ampara depot

This photo was taken on February 22, 2018, in Kandy, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ampara depot, 54 seater Ashok Leyland Viking 210 bus (AM 60 / NB-8862) in Kandy. The bus acquired to the SLTB Ampara depot fleet in 2014. This photo was taken in February 2018 while it was allocated for the services between Ampara and Kandy under route bumber 22. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්පාර ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් මහනුවර දී. 2014 වසරේදී, බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2018 වසරේ පෙබරවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය අම්පාර හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණේ මාර්ග අංක 22 යටතේය.

Saturday, June 15, 2024

ISUZU U-LV324K bus from SLTB Anuradhapura depot

This photo was taken on August 28, 2014, in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, ISUZU U-LV324K bus (NA-1725) in the depot premises. Acquired to the SLTB in 2005 as a Tsunami aid by the Japanese government. This photo was taken in August 2014 while it was allocated for the services between Kawarakkulama and Anuradhapura under a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් ISUZU U-LV324K වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබී ඇති මෙම බස් රථය 1993 වසරේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් ආධාර වශයෙන් මෙරටට ලැබී ඇත. 2014 වසරේ අගෝස්තු මස 28 වන දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කවරක්කුලම හා අනුරාධපුර අතර ධාවනයට යොදවා තිබුණි. මැදවච්චිය ප්‍රාදේශීය වැඩපොළේදී සිදු කරන ලද බඳ අලුත්වැඩියාවකින් පසු මෙලෙස එවකට සිසු සැරිය වර්ණය යටතේ වර්ණ ගන්වා ධාවනයට සපයා තිබුණි.
This photo was taken on August 28, 2014, in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Saturday, June 8, 2024

Dimo TATA LP 1210/52 bus from SLTB Wariyapola depot

This photo was taken in 2005 in Wariyapola, Wayamba, LK.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola depot, Dimo TATA LP 1210/52 bus (61-8675) at the Wariyapola bus stand in 2005. This photo is copyrighted to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාරියපොළ ඩිපෝව යටතේ ධාවනය වූ ඩිමෝ ටාටා LP 1210/52 බස් රථයක් 2005 වසරේ වාරියපොළ බස් නැවතුමේ දී. ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කර ඇති රථය එයින් වසර 12 කට පසු මෙලෙස දිස් වී ඇත. 2004 වසරේ සැප්තැම්බර් මස ශ්‍රී ලංගම නැවත පිහිටවූවද, බස් සමාගම් යුගයේ පැවති කහ පැහැය ඡයාරූපය ලබාගන්නා අවස්ථාව තෙක්ම පැවතී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Sunday, May 19, 2024

Ruby bodied TATA LP 1210/52 bus from SLTB Mawanella depot

This photo was taken on October 03, 2013, in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot, Ruby bodied TATA LP 1210/52 bus (MW 07 / 61-2141) at the Mawanella bus stand. The bus acquired to the PTS fleet in 1992. This photo was taken in October 2013 while it was allocated for the services between Ambadeniya and Mawanella under route number 417.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මාවනැල්ල ඩිපෝවට අයත් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් මාවනැල්ල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ Ruby  සමාගමේ නිෂ්පාදිතය. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වූ බස් රථයකි. 2013 වසරේ ඔක්තෝබර් මස 03 වන දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 417 යටතේ  අඹදෙනිය හා මාවනැල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, April 28, 2024

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Jaffna depot

This photo was taken on September 08, 2023, in Trincomalee, Eastern, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot, 54 seater Ashok Leyland Viking 210 bus (NB-2550) at Trincomalee. The bus acquired to the SLTB Jaffna depot fleet in 2011 under a leasing scheme. This photo was taken in September 2023 while it was allocated for the services between Jaffna and Trincomalee under route bumber 88/1. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යාපනය ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් ත්‍රීකුණාමලය නගරෙයේ දී. 2011 වසරේදී, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2023 වසරේ සැප්තැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය යාපනය හා ත්‍රීකුණාමලය අතර ධාවනයට යොදවා තිබුණේ මාර්ග අංක 88/1 යටතේය.