Sunday, June 30, 2024

Ex London Transport Leyland RTW Double-decker bus from CTB Maharagama depot

This photo was taken in 1977 in Maharagama, Western, LK.
Click for the full-size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Maharagama depot, (Ex London transport) Leyland RTW double decker bus (23ශ්‍රී2696) on the Highlevel road in1977 . This photo was taken while it was running under the route number 138 between Maharagama and Townhall. Even though it has been 11 years since it was put into service under the CTB, the bus is unique in its original appearance and a high state of maintenance. Photo by: John Miller. Courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත්ව තිබූ ලේලන්ඩ් RTW වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් 1977 වසරේ හයිලෙවල් මාර්ගයේ දී. රථය 1966 වසරේ ලංගමට ලැබී ඇත. London transport ආයතනයේ භාවිතා කල මෙම රථ පසුව ලංගම සඳහා මිලදී ගෙන ඇත. Leyland වර්ගයේ තට්ටු යොදාගෙන "London Transport" ආයතනයේ පිරිවිතරයන්ට අනුව, Park Royal Vehicles Ltd මගින් බඳ නිමවා ඇති මෙම බස් රථ ලන්ඩන් නගරයට ආවේණික සංඛේතයක් බඳුය. ලංගමට ලැබුණු RT වර්ගයේ දෙමහල් බස් රථ අතරින් මෙම රථය සුවිශේෂී වී ඇත්තේ මම රථය වසර ගණනක්ම එහි මුල් පෙනුමෙන් මෙන්ම මනා නඩත්තු තත්වයකින් පැවතීම නිසාය. ධාවනයට එක්වූ දින සිටම එකම සේවක මඩුල්ලක් යටතේ රථය පැවතීම එම සුවිශේෂී බවට හේතු වී ඇත. ධාවනයට එක්වී ඇති දින සිටම මාර්ග අංක 138 ආවරණය කර ඇති මෙම රථය මුල් අවධියේ බොරලැස්ගමුව - නුගේගොඩ බාලිකා පාසල් බස් රථය ලෙස සේවා සලසා ඇත. රථයේ අවසාන කාල සීමාවේ මාර්ග අංක 112 යටතේ ද ධාවනය වී ඇති බව සැලයි. කෙසේ නමුත් 1980 දශකයේ අග භාගයේ මේම බස් රථය ආන්දෝලනාත්මක ලෙස ධාවන තත්වයේ තිබියේදීම වෙන්දේසි කොට ඇති අතර රථය පිලිබඳ  එවකට පාර්ලිමේන්තුවේ පවා කථිකා වී ඇත. අවාසනාවට මෙන් වත්මන් ශ්‍රී ලංගම සතුව මෙම වර්ගයේ එක් බස් රථයක් හෝ නොමැත. අවිධ්මත් ලෙස වෙන්දේසි නොකිරුණි නම්, අද වන විට ලංගම දෙමහල් බස් රථ වංශකතාවේ අපූරු නියෝජනයක් වීමට මෙම රථයට හැකියාව තිබෙන්නට ඇත. ඡායාරූපය: John Miller. උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide. තොරතුරු සැපයීම: ප්‍රේම් පෙරේරා මහතා

No comments:

Post a Comment