Showing posts with label Tickets. Show all posts
Showing posts with label Tickets. Show all posts

Tuesday, November 8, 2016

ශ්‍රී ලංගම ප්‍රවේශ පත්‍ර (කොටස 07) - භික්ෂූ කූපන් පොත -- SLTB Tickets (Part 07)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින්, මුදල් පරිහරණය නොකරන භික්‍ෂූන් වහන්සේලාගේ පරිහරණය වෙනුවෙන් මෙම භික්ෂූ කූපන් පොත හඳුන්වා දී ඇත. භික්‍ෂූන් වහන්සේ බස් රථයකින් ගමන්කරන විට ගමනට අදාළ වටිනාකමින් යුතු කූපන් පත් කොන්දොස්තර මහතා වෙත නිකුත් කළ හැක.

මෙම පොතේ පිටුවක කූපන් 4ක් ඇත. කූපන 4ක් අඩංගු පිටුවක් රූපයේ දැක්වේ.
වර්තමානයේ රුපියල් 3.00, රුපියල් 4.00, රුපියල් 8.00, රුපියල් 12.00, රුපියල් 15.00, රුපියල් 18.00, සහ රුපියල් 22.00 ආදී වශයෙන් කූපන් පිටු පොතෙහි අඩංගුය. රුපියල් 15ක වටිනාකමින් යුතු කූපනයක් රූපයේ දැක්වේ.
සෑම පොතකටම අංකයක් ඇති අතර සෑම කූපනයක් සඳහාමද අංකයක් ඇත. පිටකොටුව මධ්‍යම බස් නැවතුම ඇතුළු ප්‍රධාන බස් නැවතුම් වල පිහිටි ශ්‍රී ලංගම කාර්යාල මගින් මෙම පොත් මිලදී ගත හැකි අතර නිකුත් කරන ස්ථානයේ නිල මුද්‍රාව පොතේ සහ කූපන පිටුපස තිබිය යුතුය. පොතෙහි වත්මන් මිල රපියල් 720කි. ඔබටද මෙම භික්ෂූ කූපන් පොතක් මිලදී ගෙන, මුදල් පරිහරණය නොකරන භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් පූජා කිරීමේ හැකියාව ඇත.

Friday, November 29, 2013

ශ්‍රී ලංගම ප්‍රවේශ පත්‍ර (කොටස 06) - කලින් ආසන වෙන් කර ගැනීම සඳහා කුවිතාන්සිය -- SLTB Tickets (Part 06)

ශ්‍රී ලංගම මධ්‍යම බස් නැවතුම් පොළේ සිට දුර ගමන් යන මගීන් සඳහා කලින් ආසන වෙන් කිරීමේ පහසුකම සලසා දී ඇත. ම. බ. ක. හී පිහිටි ආසන වෙන් කිරීමේ කාර්යාලය මගින් එලෙස වෙන් කිරීමේදී මගියා අතට පත්වන කුවිතාන්සිය ඡායාරූපයේ දැක්වේ. කලින් ආසන වෙන් කිරීම සඳහා මගියෙකුගෙන් රු 30.00 ක මුදලක් අය කෙරේ. ගමනට අදාළ ප්‍රවේශපත්‍රය ද ඒ අවස්ථාවේදීම ලබා ගත යුතු අතර එය කුවිතාන්සියට අමුණනු ලැබේ.

කොදේසි මුද්‍රිත, කුවිතාන්සියේ පසු පිට

Thursday, May 2, 2013

ශ්‍රී ලංගම ප්‍රවේශ පත්‍ර (කොටස 05) - ඉලෙක්ට්‍රොනික ප්‍රවේශපත්‍ර යන්ත්‍ර -- SLTB Tickets (Part 05)

ශ්‍රී ලංගම ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ නවතම ක්‍රමය වන්නේ ඉලෙක්ට්‍රොනික ප්‍රවේශපත්‍ර යන්ත්‍රයයි. ගමන් ගාස්තු සහ ගාස්තු වෙනස් වන ස්ථාන පිලිබඳ තොරතුරු යන්ත්‍රය තුල අන්තර්ගත කර ඇති අතර මගියාගේ ගමනට අදාළ ස්ථානය කොන්දොස්තර තැන විසින් යෙදු පසු සවිස්තර ප්‍රවේශ පත්‍රයක් ස්වයන්ක්‍රීයව මුද්‍රණය වේ. කෙසේ වෙතත් යම් යම් කරුණු නිසා මෙම යන්ත්‍ර තවමත් ඇතැම් මාර්ග වල භාවිතයට නොගැනේ. එම අවස්තාවන් වලදී හා යන්ත්‍ර හිඟ අවස්ථාවන් වලදී අතින් ලියා නිකුත් කරන ප්‍රවේශපත්‍ර පොත භාවිතයට ගැනේ.

ශ්‍රී ලංගම භාවිතා කරන ඉලෙක්ට්‍රොනික ප්‍රවේශපත්‍ර යන්ත්‍රයක්

 ඉලෙක්ට්‍රොනික ප්‍රවේශපත්‍ර යන්ත්‍ර භාවිතා කර නිකුත් කල ප්‍රවේශ පත්‍ර දෙකක්
  


ශ්‍රී ලංගම සුඛෝපොබෝගී නාගරික සේවා බස් රථයක ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයකින් නිකුත් කෙරුණු  ප්‍රවේශ පත්‍රයක්.

ඉලෙක්ට්‍රොනික ප්‍රවේශපත්‍ර යන්ත්‍රවල බැටරි ආරෝපණය කරන ආකාරය (කඩවත ඩිපෝව)

Friday, April 26, 2013

ශ්‍රී ලංගම ප්‍රවේශ පත්‍ර (කොටස 04) - ලියා නිතුත් කරන ප්‍රවේශ පත්‍ර පොත -- SLTB Tickets (Part 04)

වර්තමානයේ ශ්‍රී ලංගම ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ප්‍රධාන ක්‍රමය වන ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර හැරුණු විට බහුවලවම භාවිත වන ක්‍රමය ලියා නිකුත් කරන ප්‍රවේශපත්‍ර පොතයි. මගියාගේ ගමන් ගාස්තුව කොන්දොස්තර තැන විසින් පොතේ ලියා සටහන් කරන අතර ලියා සටහන්කළ ප්‍රවේශ පත්‍රයේ කාබන් පිටපතක් මගියා වෙත නිකුත් කිරීම මෙහිදී සිදු කරයි.



මෙම පොතකින් නිකුත් කල ප්‍රවේශ පත්‍රයක්

Friday, April 19, 2013

ශ්‍රී ලංගම ප්‍රවේශ පත්‍ර (කොටස 03) - අතින් ක්‍රියා කරවන ප්‍රවේශ පත්‍ර යන්ත්‍ර -- SLTB Tickets (Part 03)

ශ්‍රී ලංගම ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේද අතර අතින් ක්‍රියා කරවන යන්ත්‍ර ප්‍රධාන තැනක් ගනී. මෙම යන්ත්‍ර බොහොමයක් ජර්මනියේ Almex සහ බ්‍රිතාන්‍ය Bell Punch යන සමාගම් වල නිෂ්පාදිතය.  ඇතැම් ප්‍රවේශපත්‍ර යන්ත්‍ර මුල් කාලීනව භාවිහා කර ඇති අතර සමහරක් මෑතක් දක්වාම (ඉලෙක්ට්‍රොනික් යන්ත්‍ර පැමිණෙන තුරුම) භාවිතා වී ඇත. ඇතැම් අතින් ක්‍රියා කරවන ප්‍රවේශපත්‍ර යන්ත්‍ර කලක් යුරෝපයේ භාවිතා කර පසුව ලංගමට ලැබී ඇත.

ශ්‍රී ලංගමයේ ද මුල් කාලීනව භාවිතා වූ Bell Punch වර්ගයට අයත් ප්‍රවේශ පත්‍ර යන්ත්‍රයක්.

පැරණි Bell Punch යන්ත්‍රයකින් නිකුත්කළ ප්‍රවේශ පත්‍රයක ඉදිරිපස සහ පිටුපස
 


මුල් කාලීනව භාවිතා වූ තවත් ප්‍රවේශපත්‍ර යන්ත්‍රයක්.

පැරණි යන්ත්‍රයක් මගින් නිකුත් කල ප්‍රවේශ පත්‍රයක්.
 


මෑත කාලීනව භාවිතා වූ අතින් ක්‍රියා කරවන ප්‍රවේශපත්‍ර යන්ත්‍රයක්.

මෑත කාලීනව අතින් ක්‍රියා කරවන ප්‍රවේශ පත්‍ර යන්ත්‍ර මගින් නිකුත් නිකුත්කළ ප්‍රවේශ පත්.
     

  

Tuesday, April 16, 2013

ශ්‍රී ලංගම ප්‍රවේශ පත්‍ර (කොටස 02) - වාර ප්‍රවේශපත්‍ර -- SLTB Tickets (Part 02)

ශ්‍රී ලංගම බස් රථ වල ප්‍රවේශ පත්‍ර පිලිබඳ පල වන ලිපි පෙලේ දෙවන ලිපිය, ලංගම වාර ප්‍රවේශ පත්‍ර පිලිබඳව පල කරීමට තීරනය කළෙමු. ශ්‍රී ලංගම විසින් ප්‍රධාන ආකාර 4 ක වාර ප්‍රවේශ පත්‍ර මගීන් වෙත නිකුත් කරයි.
1) ශිෂ්‍ය වාර ප්‍රවේශ පත්‍රය - අය කිරීම මුළු ගාස්තුවෙන් 10% ක්
2) විශ්ව විද්‍යාල / කාර්මික විද්‍යාල ශිෂ්‍ය - අය කිරීම මුළු ගාස්තුවෙන් 30% ක්
3) වැඩිහිටි (දින 5 ක් සේවය කරන) - අය කිරීම මුළු ගාස්තුවෙන් 65% ක්
4) වැඩිහිටි (දින 6 ක් සේවය කරන) - අය කිරීම මුළු ගාස්තුවෙන් 65% ක්

මේ අතරින් ශිෂ්‍ය වාර ප්‍රවේශ පත්‍රය සේවාව කැපී පෙනේ. රටේ ජාතක ප්‍රවාහන සේවය ලෙස දැයේ අනාගතය වන දරු පරපුර වෙනුවෙන් ශ්‍රී ලංගම ක්‍රියාත්මක කරන මහඟු සේවාවකි පාසල් වාර ප්‍රවේශපත්‍ර සේවාව. මුළු වටිනාකමින් 10% (ආසන්න වශයෙන්) ක මුදලක් පමණක් සිසු දරුවන්ගෙන් අය කර ඉතිරි වියදම ශ්‍රී ලංගම විසින් දරා ගනිමින් ශ්‍රී ලංගමය ලබා දෙන මෙම සේවාව, පාසල් අධ්‍යාපනය ලබන දරුවනට මහත් අස්වැසිල්ලකි. අදටත් බොහෝ දෙනෙකු හදවතින්ම ශ්‍රී ලංගමයට ආදරය කරන්නේ තමුන් අධ්‍යාපනය ලබන අවදියේ ශ්‍රී ලංගම වසින් ලබාදුන් මේ මහඟු දායකත්වය නිසාමය.

1979 වසරේ භාවිත වූ ශිෂ්‍ය වාර ප්‍රවේශ පත්‍රයක් (ඡායාරූපය උපුටා ගත්තේ: facebook.com/OldeCeylon පිටුවෙනි)


2006 වසරේ නිකුත්කරන ලද ශිෂ්‍ය වාර ප්‍රවේශ පත්‍රයක්

2013 වසරේ නිකුත් කල නව වාර ප්‍රවේශ පත්‍රයක්

Monday, April 15, 2013

ශ්‍රී ලංගම ප්‍රවේශ පත්‍ර (කොටස 01) - ටිකට් පොත් මිටි රඳවනය -- SLTB Tickets (Part 01)

1958 වසරේ ශ්‍රී ලංගම පිහිට වූ දින සිට විවිධ ක්‍රම මගින් මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත්කිරීම ශ්‍රී ලංගම විසින් සිදු කරයි. එම ක්‍රම මොනවාද යන්න පැහැදිලි කර දීම මෙම විශේෂ ලිපි පෙළේ අරමුණයි.
මේ යටතේ මුල්ම ලිපිය සඳහා තෝරා ගත්තේ ලංගම ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා භාවිතා කරන සරලම මෙන්ම පැරණිම ක්‍රමයකි. එනම් ට්කට් පොත්මිටි රඳවනයයි.

මෙලෙස නිකුත් ශත 70 ක වටිනාකමකින් යුතු වූ පැරණි ප්‍රවේශ පතක්
  

බස් ජනසතුව අරඹමින් ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා වෙත නිකුත් කල ප්‍රථම ප්‍රවේශ පත්‍රය.

කෙසේ වෙතත් ප්‍රවේශ පත්‍ර නිකුත්කිරීමේ යන්ත්‍ර හිඟ අවස්ථාවන් වලදී මෙම ටිකට් පොත් ක්‍රමය මෑතක් වන තුරුම භාවිතයට ගැනුනි. එලෙස මෑත කාලීනව නිකුත් කල රු. 4.50 සහ 9.00 වටිනාකම් වලින් යුතු ප්‍රවේශ පත්‍ර දෙකක් පහතින් දැක්වේ.