Showing posts with label AG. Show all posts
Showing posts with label AG. Show all posts

Wednesday, December 22, 2021

Ashok Leyland 12M SLTB edition bus from SLTB Angoda depot

This photo was taken on December 12, 2021, in Colombo 12, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Angoda depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (AG 68 / ND-9452) in Colombo 12. Acquired to the depot fleet in September 2019 under a special leasing scheme. This photo was taken in December 2021 while it was allocated for the services between Colombo and Trincomalee under route number 49. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අංගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් කොළඹ 12 ඕල්කට් මාවතේ දී. 2019 වසරේ සැප්තැම්බර් මස, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. 2021 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 49 යටතේ කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වෙමින් පැවතිණි.

Monday, October 28, 2019

සජීව ලිපිය: 2019 ඔක්තෝබර් මස 28 දින ප.ව. 8.38 ට බොරැල්ල මංසන්ධියේ දී.

This photo was taken on October 28, 2019 in Colombo 08, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full size picture.
ශ්‍රී ලං.ග.ම. අංගොඩ ඩිපෝව මගින් උපයා ගෙවීමේ පදනම මත මිලදී ගත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ ආසන 50 ක් සහිත මෙම බස් රථයේ (AG 68 /ND-9452) මාර්ග අංක 154 යටතේ බම්බලපිටියේ සිට බොරැල්ල දක්වා සංචාරය කිරීමට මා හට අවස්ථාව ලැබුණි. වැඩි පිරිසකට අසුන් ගැනීමේ හැකියාවත් ආසන අතර එහා මෙහා ගමන් කිරීමට වැඩි ඉඩ පහසුවත් නිසා කොළඹ නගරයේ තදාසන්න මාර්ග සඳහා මෙම රථ වඩා යෝග්‍ය බව ප්‍රත්‍යක්ෂ විය. කෙසේ නමුදු ඉදිරියේ දී මෙම රථය වෙනත් දුර සේවාවක් වෙනුවෙන් යොදා ගැනෙනු ඇත.

මගීන්ට පහසු මෙවැනි රථ යොදා ගනිමින් කොළඹ නගරයේ තදාසන්න මාර්ග ආවරණය කරමින් මගී ජනතාවට වඩාත් හොඳ සේවාවක් ලබාදීම සඳහා ප්‍රවාහන බලධාරීන්ගේ අවධානය යොමුවේවායි පතමි.

සටහන
උත්පල දිල්හාන්

Thursday, September 22, 2016

Modified Ashok Leyland Colombo Rider bus from SLTB Angoda depot

This photo was taken on September 14, 2016 in Bambalapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Angoda depot Colombo Rider Ashok Leyland bus (AG 41 / GB-5492) at Bambalapitiya. This bus re-bodied by Lakdiwa engineering Pvt. Ltd (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අංගොඩ ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු බම්බලපිටියේ දී. 2000 වසරේ බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වූයේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. මෙම බස් රථයේ බඳ, ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම (රාජසන්තක) විසින් පුර්ණ බඳ (body) අලුත්වැඩියාවකට ලක් කර නැවත මෙලෙස සේවයට යොදවා ඇත. 2013 වසරේ අංගොඩ ඩිපෝව මගින් ජනපති පදවිප්‍රාප්තිය නිමිත්තෙන් අළුත්වැඩියා කෙරුනේ මෙම බස් රථයයි

Saturday, March 26, 2016

Ashok Leyland Viking Turbo bus from SLTB Angoda depot

This photo was taken on March 12, 2016 in Nittambuwa, Western, LK, using a SAMSUNG SM-G530F.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Angoda depot Ashok Leyland Viking Turbo bus (AG 16 / NB-9095)  running under route 49 Trincomalee - Colombo. (Pic by: Harsha Roshan Weerawarnakula) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අංගොඩ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් මාර්ග අංක 49 ඔස්සේ ත්‍රිකුණාමලය හා කොළඹ අතර ධාවනය වන අවස්ථාවක කලගෙඩිහේනේ දී. 1970 දශකයේ මුල භාගයේ සිට මාර්ග අංක 49 යටතේ බස් ධාවනය කරවීමේ දිගු ඉතිහාසයක් ශ්‍රී ලංගම අංගොඩ ඩිපෝව සතු වන අතර ත්‍රස්ත තර්ජන පැවති අවධියේ බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් පසුව පවා, අනෙකුත් ධාවකයින් මාර්ගය හැරයද්දී, අංගොඩ ඩිපෝව මගින් තර්ජන නොතකා අඛණ්ඩව මාර්ගයේ සේවා පවත්වාගෙන ගිය බව සිහිපත් කල යුතුය.  (ඡායාරූපය: හර්ෂ රොෂාන් වීරවර්ණකුල)

Thursday, November 19, 2015

Ruby bodied TATA 1510 bus from SLTB Angoda depot

This photo was taken on November 17, 2015 in Nawa Gothatuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Angoda depot, Ruby bodied TATA 1510 bus (AG 47 / NA-2885) at Gothatuwa new town. The bus awaiting it's turn on route 152 Nawa Gothatuwa - Pettah. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) අංගොඩ ඩිපෝවට අයත් ටාටා 1510 වර්ගයේ රුබී බඳ සහිත බස් රථයක් ගොතටුව නව නගරයේ දී. රථය මාර්ග අංක 152 යටතේ නව ගොතටුව හා පිටකොටුව අතර ධාවනයට යොදවා තිබුණු අතර තම ධාවන වාරය පැමිණෙන තෙක් මෙලෙස ගාල් කර ඇත.

Tuesday, May 27, 2014

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Angoda depot

This photo was taken on July 13, 2013 in Walapane, central, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Angoda depot, Ashok Leyland Viking Turbo 54 seater bus (AG 42 / NB-1235) in the Walapane depot premises. Allocated for the services between Walapane and Colomno via Kandy under route number 21. Acquired to the depot in 2011 under a special leasing scheme. Photo by: Sanjeewa Niroshan -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අංගොඩ ඩිපොවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් වලපනේ ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මාර්ග අංක 21 යටතේ වලපනේ හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. කොටස් වශයෙන්, උපයා ගෙවීමේ පදනම මත 2011 වසරේ ඩිපෝව මගින් මිලදී ගත් බස් රථයකි. ඡායාරූපය: සංජීව නිරෝෂන්

Friday, November 1, 2013

LAL bodied Ashok Leyland Commet Minor modified bus from SLTB Angoda depot

This photo was taken on November 01, 2013 in Borella, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Angoda depot, Lanka Ashok Leyland bodied Ashok Leyland Commet Minor modified bus (AG 18 / 62-1761) at the Borella bus stand. Body re-constructed by the SLTB workshop Kaludewala, Matale. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අංගොඩ ඩිපෝව යටතේ ධාවනය වන, ලංකා අශෝක් ලේලන්ඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් බොරැල්ල බස් නැවතුමේ දී. මාතලේ කළුදෑවල පිහිටි ශ්‍රී ලංගම ප්‍රාදේශීය වැඩපොළේ බඳ අලුත්වැඩියා කර ඇති මෙම රථය ඡායාරූප ලබා ගන්නා අවස්ථාවේ මාර්ග අංක 172  ඔස්සේ මොරගස්මුල්ල  හා බොරැල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on November 01, 2013 in Borella, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, October 2, 2013

Latec Kesco bodied Ashok Leyland Viking bus from SLTB Angoda depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using an Olympus VG120,D705.
Click for the full size picture.
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Angoda depot, Latec Kesco bodied Ashok Leyland Viking bus (AG 25 / 62-8334) at Kataragama. Body built by Latec (pvt) Ltd. with Duple Metsec (UK) technology.  Rehabilitated by depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අංගොඩ ඩිපෝවට අයත් ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් කතරගම දී. 1998 වසරේ දී ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ මම බස් රථ වල බඳ එකලස් කර ඇත්තේ පුද්ගලීකරණය කරන ලද ලංගම කහගොල්ල වැඩපොළේ දීය. ධාවනයන් සීමා කර තිබුණු මෙම බස් රථය ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් 2012 දී ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර ජනතා සේවයට සපයා ඇත. වර්තමානයේ මාර්ග අංක 175 ඔස්සේ කොහිලවත්ත හා කොල්ලුපිටිය අතර ධාවනය වේ.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, June 3, 2013

Wesco ISUZU MT 111 L bus from SLTB Angoda depot

This photo was taken on October 08, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Angoda depot Wesco ISUZU MT111 L bus (AG 08 / 62-4357) at the Central Bus Satnd. This bus rehabilitated (2011) by the Angoda depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අංගොඩ ඩිපෝවට අයත්, වෙස්කෝ ඉසුසූ MT111 L වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. ධාවනයෙන් ඉවත්කර තිබුණු මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර සැමරීම නිමිත්තෙන් (2011) අංගොඩ ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. රථය මාර්ග අංක 152 යටතේ නව ගොතටුව බලා ධාවනය වීමට සූදානමින්.

This photo was taken on October 08, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, March 1, 2013

SLTB breakdown service - Angoda depot

This photo was taken on January 18, 2013 in Central Bus Stand, Western, LK, using a Olympus VG-120.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Adngoda depot, ISUZU TX 50B breakdown service vehicle (AG 01 / 23ශ්‍රී6067) at the Colombo central bus stand. CTB bodied ISUZU BF 40 bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අංගොඩ ඩිපෝවට අයත් ISUZU TX 50B වර්ගයේ කාර්මික සේවා රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී. ලංගම බඳ සහිත ඉසුසූ TX 50B වර්ගයට අයත් බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත.

Tuesday, October 2, 2012

Ruby bodied Ashok Leyland Viking Turbo SLTB edition bus from SLTB Angoda depot

This photo was taken on October 01, 2012  in Colombo 02, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Angoda depot, Ruby boided Ashok Leylan Viking Turbo (SLTB edition) bus  (AG 07 / NA-7002) in front of the Regal Cinema, Colombo. It's waiting for the turn to leave for Hanwella. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අංගොඩ ඩිපෝවට අයත්, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ බස් රථයක් හංවැල්ල බලා පිටත් වීමට සුදානමින් කොළඹ රීගල් සිනමාහල ඉදිරිපිට දී.

Monday, August 27, 2012

Ashok Leyland Viking Hinopower bus from SLTB Angoda depot

This photo was taken on July 27, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Angoda depot, Ashok Leyland Viking HinoPower bus (AG 52 / NA-4149) at Bambalapitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අංගොඩ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් හයිනෝපවර් වර්ගයේ බස් රථයකි. මෙම බස් රථය කිරිඳිවැල හා කොල්ලුපිටිය අතර (කොටිකාවත්ත, කඩුවෙල හරහා) ධාවනය යෙදවූ අවස්ථාවකි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on July 27, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, March 16, 2012

Wesco ISUZU MT111L bus from SLTB Angoda depot

This photo was taken on November 20, 2011, in Kollupitiya, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Angoda depot Wesco ISUZU MT111L bus (AG 09 / 62-4358) at the Kollupitiya junction. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the fleet in 1996. Allocated for the services between Kohilawatta and Kollupitiya under route number 175. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අංගොඩ ඩිපෝවට අයත් වෙස්කෝ ඉසුසු MT111L වර්ගයේ බස් රථයක් කොල්ලුපිටිය මංසන්ධියේ දී. බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ වෙස්කෝ සමාගම මගින්, පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1996 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 175 යටතේ කොහිලවත්ත සිට කොල්ලුපිටිය බලා ධාවනයය වෙමින් තිබුණි.