2005 වසරේ සුනාමි ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු සුනාමි බස් රථ පිළිබඳව නිසි අවබෝධයක් නොමැති ඇතැම් මාධ්‍ය සහ පුද්ගලයන් විවිධාකාරයෙන් ශ්‍රී ලංගම ට චෝදනා එල්ල කරමින් සිටී. එම අනවබෝධය නැති කිරීම පිණිස මෙම පසු සටහන තැබීමට තීරණය කළෙමු.
ජපාන සුනාමි බස්
ජපන් සුනාමි බස් රථ වර්ග කීපයක් ශ්‍රී ලංකාවට ලැබී ඇත. Hino, ISUZU, MITSUBISHI, NISSAN එම වර්ගයන් වේ. එම වර්ගයන් වලද උප මාදිලි දැකිය හැක. එලෙස ශ්‍රී ලංකාවට ලැබුණු මුළු ජපන් සුනාමි බස් ගණන 170 කි.
ජපානයේ භාවිතා කර ඉවත් කිරීමේ සීමාවට ආසන්නව තිබුණු මෙම සුනාමි බස් රථ ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ පොදු ප්‍රවාහන පද්ධතිය යතා තත්වයට පත් වන තෙක් තාවකාලික විසඳුමක් වශයෙනි. ශ්‍රී ලංකාවට ලබාදෙන විටත් බොහොමයක් බස් රථ ජපානයේ වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබුණි. එනම් මෙම බස් රථ 1993 හා 1994 කාලසීමාවේ නිෂ්පාදිතය. බොහොමයක් බස් රථ කි. මි. 500000 කට වඩා ධාවනය කරවා ඇත.
ටෝකියෝ නාගරික ප්‍රවාහන කාර්යංශය (TOEI -Transportation Bureau of the Tokyo Metropolitan Government) යටතේ ධාවනය වූ මිට්සුබිෂි එයිරෝස්ටාර් (Mitsubishi Fuso Aero Star) වර්ගයේ බස් රථයක් 2001 වසරේ ආර්. ජේ. ෂින්ජුකු බස් නැවතුමේ දී.
මෙම සුනාමි බස් රථ ලංගමට ලබා දෙන විට ඒවායේ වායු සමන පද්ධති බොහොමයක් අක්‍රීයය. වායු සමන අක්‍රිය වුවද මෙම රථයක සාමාන්‍ය ඩීසල් පරිභෝජනය ලීටරයට කි. මි. 1.5 ක තරම් අගයක් විය (සාමාන්‍ය අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක එය ලීටරයට කි. මි. 4.7 තරම් වේ). එහෙයින් මේවා සාමන්‍ය ගාස්තු යටතේ ධාවනය කරවීම අතිශය ගැටළුකාරී විය. අමතර කොටස් ද මිලෙන් ඉතා අධික වන අතර මාදිලි පැරණි වීම නිසා ඇතැම් අමතර කොටස් හිඟය. මෙම ගැටළු නිසා මේවා ඉතා ඉක්මනින්ම ධාවනයෙන් ඉවත් කිරීමට ලංගමට සිදුවිය.
විවිධ විශේෂ ව්‍යාපෘති මගින් හැකි උපරිමයෙන් සුනාමි බස් රථ ධාවනයට ලබා දීමට ශ්‍රී ලංගම ඩිපෝවන් උත්සහ කරන්නේ මෙම බස් රථ වල ඇති ගුණාංගයන් නිසාමය. වායු අවලම්බන පද්ධතියකින් (Air suspension), අර්ධ සවය්න්ක්‍රීය ගියර් පද්ධතියකින් හා පසුපස එන්ජිමකින් යුක්ත වන තට්ටුව පහලින් පිහිටි (Low-floor bus) මෙම බස් රථ අදටත් මගීන්ට මෙන්ම රියදුරන්ටද ඉතා පහසුය. මෙම විශේෂතා නිසාම විවිධ විශේෂ සේවාවන්ට සුනාමි බස් රථ වල දායකත්වය ලබාගෙන ඇත. ඇතැම් බස් වල වායු සමන පද්ධතිද පසුකාලීනව අලුත්වැඩියා කර සුඛෝපබෝගී සේවා සඳහා යොදාගත් අවස්ථා ඇත. ඇතැම් බස් තවමත් සුඛෝපබෝගී සේවා යටතේ ධාවනය වේ.
හම්බන්තොට හා මත්තල ගුවන්තොටුපල අතර ධාවනය වූ සුඛෝපබෝගී බස් රථ
Mitsubishi Aero Star City Bus Click on the image for more posts |
ISUZU U-LV324K City Bus Click on the image for more posts |
Hino HT City Bus Click on the image for more posts |
ISUZU Cubic City Bus Click on the image for more posts |
Nissan Diesel City bus
Click on the image for more posts
ජපන් සුනාමි බස් රථ වර්ග කීපයක් ශ්‍රී ලංකාවට ලැබී ඇත. Hino, ISUZU, MITSUBISHI, NISSAN එම වර්ගයන් වේ. එම වර්ගයන් වලද උප මාදිලි දැකිය හැක. එලෙස ශ්‍රී ලංකාවට ලැබුණු මුළු ජපන් සුනාමි බස් ගණන 170 කි.
ජපානයේ භාවිතා කර ඉවත් කිරීමේ සීමාවට ආසන්නව තිබුණු මෙම සුනාමි බස් රථ ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ පොදු ප්‍රවාහන පද්ධතිය යතා තත්වයට පත් වන තෙක් තාවකාලික විසඳුමක් වශයෙනි. ශ්‍රී ලංකාවට ලබාදෙන විටත් බොහොමයක් බස් රථ ජපානයේ වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබුණි. එනම් මෙම බස් රථ 1993 හා 1994 කාලසීමාවේ නිෂ්පාදිතය. බොහොමයක් බස් රථ කි. මි. 500000 කට වඩා ධාවනය කරවා ඇත.
ටෝකියෝ නාගරික ප්‍රවාහන කාර්යංශය (TOEI -Transportation Bureau of the Tokyo Metropolitan Government) යටතේ ධාවනය වූ මිට්සුබිෂි එයිරෝස්ටාර් (Mitsubishi Fuso Aero Star) වර්ගයේ බස් රථයක් 2001 වසරේ ආර්. ජේ. ෂින්ජුකු බස් නැවතුමේ දී.
Mitsubishi Fuso Aero Star Bus at JR Shinjuku station, Tokyo, Japan in 2001 click on the image for full size |
විවිධ විශේෂ ව්‍යාපෘති මගින් හැකි උපරිමයෙන් සුනාමි බස් රථ ධාවනයට ලබා දීමට ශ්‍රී ලංගම ඩිපෝවන් උත්සහ කරන්නේ මෙම බස් රථ වල ඇති ගුණාංගයන් නිසාමය. වායු අවලම්බන පද්ධතියකින් (Air suspension), අර්ධ සවය්න්ක්‍රීය ගියර් පද්ධතියකින් හා පසුපස එන්ජිමකින් යුක්ත වන තට්ටුව පහලින් පිහිටි (Low-floor bus) මෙම බස් රථ අදටත් මගීන්ට මෙන්ම රියදුරන්ටද ඉතා පහසුය. මෙම විශේෂතා නිසාම විවිධ විශේෂ සේවාවන්ට සුනාමි බස් රථ වල දායකත්වය ලබාගෙන ඇත. ඇතැම් බස් වල වායු සමන පද්ධතිද පසුකාලීනව අලුත්වැඩියා කර සුඛෝපබෝගී සේවා සඳහා යොදාගත් අවස්ථා ඇත. ඇතැම් බස් තවමත් සුඛෝපබෝගී සේවා යටතේ ධාවනය වේ.
හම්බන්තොට හා මත්තල ගුවන්තොටුපල අතර ධාවනය වූ සුඛෝපබෝගී බස් රථ
Tsunami buses of Mattala Hambanthota Special service Click on the image for the full post |
කටුනායක ඇවරිවත්ත බස් නැවතුමේ සිට ගුවන් තොටුපොළ පරිශ්‍රය දක්වා විශේෂ සේවාව සඳහා යොදාගත් Hino HT වර්ගයේ බස් රථ. මෙම සේවාව ශ්‍රී ලංගම ගම්පහ ප්‍රාදේශීය කාර්යාලය (GRMU) මගින් පාළනය සිදු කෙරිණි.
සුනාමි බස් රථ අලුත් වැඩියා කර ධාවනයට එක් කිරීමේදී කුරුණෑගල දකුණ ඩිපෝව විශේෂයෙන් කැපී පෙනේ. වෙනත් ඩිපෝ මහින් ධාවනයෙන් ඉවත් කර තිබුණු බස් රථ රැසකට කුරුණෑගල දකුණ ඉංජිනේරු අංශය විසින් යලි පණ ලබා දී තිබේ. වායුසමනය කල සුඛෝපබෝගී බස් රථ මෙන්ම වෙනත් එන්ජින් පද්ධති බද්ධ කොට යලි ජවය ලබා දුන් බස් රථ ද ඒ අතර වේ.
කුරුණෑගල දකුණ ඩිපෝව මගින් ජනපති පදවිප්‍රාප්තිය නිමිතිකොට ගෙන අලුත්වැඩියා කල Hino HT බස් රථයක්. මෙම රථය වර්තමානයේ අධිවේගී මාර්ගයන් හි සුඛෝපබෝගී සේවා සඳහා යොදා ගැනේ.
A Hino HT City bus with Airport & Aviation Services click on the image for full size |

Hino HT2MMAA (Akashi) Luxury Bus form SLTB Kurunegala South Depot Click on the image for the full post |
කුරුණෑගල දකුණ ඩිපෝව යටත් ධාවනය වන Hino HT බස් රථයක්.
Hino KC-HU2MLCA (Akashi) Bus form SLTB Kurunegala South Depot Click on the image for the full post |
කුරුණෑගල දකුණ ඩිපෝව මගින්, අශෝක් ලේලන්ඩ් එන්ජිමක් බද්ධ කොට යලි ජවය සැපයූ Hino HT වරගයේ බස් රථයක්.
Hino KC-HU2MLCA Bus repowered with an Ashok Leyland Engine Click on the image for the full post |
කුරුණෑගල දකුණ ඩිපෝව මගින් ISUZU MT111 එන්ජිමක් බද්ධ කොට යලි ජවය සැපයූ ISUZU U-LV324K වර්ගයේ බස් රථයක්.
ISUZU U-LV324K city bus repowered with ISUZU MT111 Engine Click on the image for the full post |
එංගලන්ත සුනාමි බස්
MCW Metro double decker Bus Click on the image for the full post |
Alexander bodied Leyland Atlantean double-decker bus Click on the image for the full post |
ECW bodied Leyland Fleetline double decker bus Click on the image for the full post |
Northern Counties bodied MCW MKII Metrobus Click on the image for the full post |
මෙම රථ ශ්‍රී ලංගම යටතේ ධාවනයට එක්වීමත් සමඟ සමඟ බොහොමයක් අනියුක්ත වූයේ ශ්‍රී ලංගම රත්මලාන ඩිපෝවට වන අතර බස් රථ කිහිපය බැගින් මහරගම හා මීගමුව ඩිපෝවට අනියුක්ත විය. කෙසේ නමුත් පසු කාලීනව ධාවන අවශ්‍යතා මත මෙම රථ විවිධ ඩිපෝවන් හා හුවමාරු වූ අවස්ථා ඇත. කෙසේ නමුදු මේ දක්වා වැඩිම බස් රථ ගණනක් ධාවනයේ ඇත්තේ රත්මලාන ඩිපෝව සතුවය.
සටහන: උත්පල දිල්හාන්
Thanks for sharing these valuble info
ReplyDelete:)
Welcome! :)
Deletethawa ma waga daka thunakma hadana thiyanawa.mr,sumith niyama wada karaya.habai a waga katiyata thama private bus karayo case aka dana.wayabinama wadiyan duwana sunami thiyan kgs aka.aluthin ma lagadi paint karapu sunamiya kandy wada karana.jaya waya.
ReplyDeleteow ow! depot ekata giya welawe kiwwa. :)
DeleteCTB ekata stretegy ekak thibiya yuthui kgs depot ekata ithuru sunami tika deela ewa goda ganna oni prathipadana wena karana ekata. ehema unoth ewa eka thanka maintain karanna lesi wei
Deleteදැනට මේ වගේ බස් කීයක් දුවනවද?
ReplyDeleteමේවයේ කල්පැවැත්ම ගොඩක් හොඳයිද ?
හොඳ ලිපියක්..
මේවා දැනට 20 ක් 30ක් විතර ධාවන තත්වයේ ඇති! කල්පැවැත්මත් වරදක් කියන්න බැහැ.
Deletemamath me langdi katubedda depot ekta giyama dakka thawath me bus kaleta dala paththakaa thiynawa.. anith ewata mkda une kiyla hitha hitha htye.. me lipiya kiyewwama thama pahdili une.. :)
ReplyDeleteමේ බස් වලට united motors ලා ගෙන් අවශය කොටස් ගේන්න බැරිද.ලංකාවේ fuso මාදිලියේ වාහන ගෙන්වන්නේ ඒ අය නේද
ReplyDeleteProud to travel in a tsunami bus in the route Kurunegala - Newmalkaduwawa which belong to kurunegala soth depot.
ReplyDeleteKGS 101
Podi Prashnayak.ai me eka bus ekakawath original badges naththe?Isusu,hino,Nissan,Mitsubishi.Genakotama mewa galawalada?
ReplyDeleteනැහැ! මේවා කෙලින්ම ජපන් රජයේ ඉල්ලීමට ඒ ඩිසයින් එකට හදපුව මිසක් නැවත විකිණීමට හදපුව නෙමෙයි. ඒ නිසා මොන වර්ගයේ උනත් එකම විදිහට එකම පාටෙන් එකම ආසන සැකැස්මකින් එන්නේ. ඒ නිසා මේවයේ වෙළඳ නාම ගහලත් නෑ.
Deletee unath lankawe wesco , kesco bus wala TATA , leyland , isusu kiyala gahala thiyenawane ?
Deleteඇත්තටම මම මේ විස්තරේ දකිනකං බොහොම ලොකු වැරදි වැටහීමකිනුයි හිටියේ..
ReplyDeleteඔය තියෙන ජපන් බස් NA- XXXX Number වලින් තියෙන නිසා මම හිතාගෙන හිටියේ අලුත්ම ඒව කියල..
කොටින්ම කියනවනං සුනාමි දවස් වල ගෙනාපුව කියලත් දැනගෙන හිටියේ නෑ..
මම ඇත්තටම හිතාගෙන හිටියේ හොඳට ඒ/සී එහෙම වැඩ කරන අලුතෙන්ම ගෙන්නපු බස් සුලු සුලු හේතු මත විනාස වෙන්න ඇරල කියල...
ඉතින් සමහර ඩිපෝවල අත ඇර දාල තියෙන හැටි දකිනකොට හිතට ලොකු තරහක්,කලකිරීමක් වගේම මහ දුකකුත් දැනුනා CTB එක ගැන..
ඒත් ඔබ තුමාගෙ බ්ලොග් එක හරහා දැන ගත්තු විස්තර වලට අනුව, මේ බස්වල නිෂ්පාදිත වර්ෂය, සේවා කාලය (කී.මී.500000), වගේම ඒසී වල ප්‍රශ්න, අධික ඩීසල් පරිභෝජන ගැටලුත් එක්ක මගේ වැරදි වැටහීම සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා...
මොනව උනත් මේ බ්ලෝග් එකේ වටිනාකම ගැන කියන්න නං මේ වගේ එක කමෙන්ට් එකකින් බැරි වෙයි...
ලංගම වෙනුවෙන් කරන මේ කැප කිරීමට, ලංගමත් එක්ක නිතර ගමන් යන සාමාන්‍ය මගියෙක් හැටියට බොහොම ගෞරවණීය විදිහට ඔබතුමාට මම ස්තූති කරනවා...
ඒ වගේම ගොඩාක් පිං...!
ස්තූතියි ඔබේ අගයකිරීම ගැන! :)
DeleteSthuuthi
ReplyDeleteGodak watinawa.
-Don indika-
හදිසි සම්බන්ධතාවය ගැන කණගාටුයි. මම ජපානයේ ජීවත් වන ශිෂ්‍යයෙක් වන අතර, ශ්‍රී ලංකාවට ගිය මුල් ජපන් බස් රථය ගැන මම උනන්දු වෙමි. මම විශේෂයෙන්ම Mitsubishi Aerostar සෝපානය සහිත බස් රථය ගැන උනන්දු වෙමි. මෙම මෝටර් රථය දැනටමත් ජපානයේ අතුරුදහන් වී ඇති අතර, ඉතිරිව ඇති එකම උදාහරණය ශ්‍රී ලංකාවේ බව මම විශ්වාස කරමි. ඔබ කැමති නම්, ඉවත දැමූ මෝටර් රථයක් භාවිතා කිරීමට මම සතුටු වන බැවින්, ඔබට තවමත් ඉතිරිව තිබේදැයි දැන ගැනීමට මම කැමතියි. වාහනයේ පෙනුම ගැන කිව්වොත්, එය NA-1869 අංකය සහිත ලංගම වාහනයකි.
ReplyDeleteමම Google Translate භාවිතා කරන නිසා ප්‍රකාශන වැරදි විය හැක.
කරුණාකර සමාවෙන්න. .
Thank you for posting this, i was still going to school (2005 O/L) when we got these busses, i never knew these where a donation, i loved these busses, and i used to super angry when i see these busses broken and rusting away!
ReplyDeletei wonder when we will get some nice and safe busses, it make me sad when i see nice busses in other countries, i would leave my car at home and use the buss if we had some nice new busses like these !
if we have some nice busses people could save up money and buy the dream car/bike they like
in Europe even people that have nice cars like Porsche's still use the bus to go to work, this is one of the reasons why they have less traffic!