Pages

Tuesday, April 21, 2026

New Foton C12 buses for the LMT

This photo was taken on April 21, 2026, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Today the Lanka Metro Transit (LMT) launched a new pilot city bus service with 10 of new Foton C12 city buses. buses are allocated between Kadawatha and Makumbura under the project. -- අද දින ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (LMT) සමාගම යටතේ නවතම නාගරික බස් රථ සේවාවක් ආරම්භ කරන ලදී. ඒ යටතේ LMT වෙත Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ ලැබුණු ෆෝටන් C12 වර්ගයේ නාගරික සේවා බස් රථ 10ක් අද දින නියමු ව්‍යාපෘතියක් ලෙස ධාවනයට එක් කරන ලදී. නාගරික සේවා වෙනුවෙන් විශේෂයෙන් සැකසුනු මෙම බස් රථ පහත් පිවිසුම් හැකියාව, ආබාධිත පුරවැසියන්ගේ රෝද පුටු ඇතුළු කිරීමේ හැකියාව, ස්වයංක්‍රීය මුදල් ගෙවීමේ හැකියාව ඇතුළු සම්මත පොදු ප්‍රවාහන පද්ධතියක පැවතිය යුතු පහසුකම් වලින් සමන්විතය.  

This photo was taken on April 21, 2026, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
This photo was taken on April 21, 2026, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
This photo was taken on April 21, 2026, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
රෝද පුටු භාවිත කරන මගීන්ට සහ දෘෂ්‍යාබාධිත මගීන්ට සේම ගැබිණි මව්වරුන්ට ද ඉතා පහසුවෙන් බස් රථයට ගොඩවිය හැකි ලෙස විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙම පහත් පිවිසුම් සහිත නාගරික සේවා බස් රථ 10 ක් මේ යටතේ ප්‍රවාහන සේවාවට එක්කෙරිණ. මගී ආසන 30 කින් සමන්විත මෙම බස් රථවල රෝද පුටුවලින් ගොඩවන මගීන්ට වෙනමම ස්ථාන වෙන් කර ඇත. මාකුඹුර සිට කොළඹ කොටුව දක්වාත් මාකුඹුර සිට කඩවත දක්වාත් මාර්ගයන්හි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක අතර, විශේෂයෙන් කොළඹ ජාතික රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල ඇතුළු ප්‍රධාන සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන දැනට මෙම මාර්ග මගින් ආවරණය කෙරේ. බැංකු කාඩ්පත් මගින් සහ LMT-GO ජංගම දුරකථන යෙදුම හරහා QR මගින් මෙම බස් රථ සේවාවන් සඳහා ගාස්තු ගෙවීමේ පහසුකම පවතින අතර  LMT-GO ජංගම දුරකථන යෙදුම මගින් බස් රථ පිටත්වන වේලාවන් දැන ගැනීම සහ බස් රථ දැනට පවතින ස්ථාන හඳුනා ගැනීම ආදියට පහසුකම් පවතී. 
Click to download the app
This photo was taken on April 21, 2026, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
This photo was taken on April 21, 2026, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
This photo was taken on April 21, 2026, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
This photo was taken on April 21, 2026, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
This photo was taken on April 21, 2026, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
This photo was taken on April 21, 2026, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.

No comments:

Post a Comment