Pages

Saturday, October 19, 2013

MCW Metro double decker bus from SLTB Yatinuwara depot

This photo was taken on February 11, 2021, in Kadugannawa, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Yatinuwara depot, MCW Metrobus (NA- 0768) in the depot premises. Built by Metro Cammell Weymann in 1987. Provided to the SLTB as a Tsunami aid by the British Government in 2005. Rehabilitated by the SLTB Ekala Workshop in 2021. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ඩිපෝවට අයත් MCW Metrobus වර්ගයේ දෙමහල් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ  දී. 1987 වසරේ බ්‍රිතාන්‍ය Metro Cammell Weymann සමාගම මගින් නිමවා ඇති මෙම බස් රථය 2005 වසරේ ශ්‍රී ලංගමට ලැබී ඇත්තේ බ්‍රිතාන්‍ය රජය විසින් ලබාදෙන සුනාමි ආධාරයක් වශයෙනි. ඒ යටතේ මෙම වර්ගයේ බස් රථ 14 ක් ලැබී ඇති අතර වෙනත් වර්ග වලින් බස් රථ 2ක් ලැබී ඇත. මුලින් රත්මලාන ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථය පසුකාලීනව මෙලෙස යටිනුවර ඩිපෝවට ඒවා ඇත්තේ යටිනුවර ඩිපෝව සතුව තිබුණු 60ශ්‍රී6640 දරණ ලේලන්ඩ් රූට්මාස්ටර් වර්ගයේ බස් රථය විශේෂ ව්‍යාපෘතියක් වෙනුවෙන් රතමලාන ඩිපෝවට පවරා ගෙන ඇති නිසාය. එලෙස ලැබුණු බස් රථය කලක් මාර්ග අංක 690 යටතේ කඩුගන්නාව හා මහනුවර අතර ධාවනය වී ඇති අතර 2014 වසරේ කාර්මික හේතු මත ධාවනයෙන් ඉවත්ව ඇත. පසුව කළුදෑවල ලංගම වැඩපොලටත්, ඒකල ලක්දිව වැඩපොළටත් යැවුණු බස් රථය 2021 වසරේ මෙලෙස පුනරුත්ථාපනය කර ධාවනයට එක් කර ඇත්තේ  බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේය.


 This bus in August 2013 -- 2013 වසරේ අගෝස්තු මස ලබාගත් ඡායාරූප 
This photo was taken on August 29, 2013, in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Interior of the bus (upper deck) -- බස් රථයේ ඇතුලත (ඉහල තට්ටුව)
This photo was taken on August 29, 2013, in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Last update: 11 February 2021 -- අවසන් යාවත්කාලීනය: 2021 පෙබරවාරි 11

2 comments:

  1. මේ බස් එක මෙහි දැකීම විශාල සතුටක්. ඉස්සර අපි හරිම ආසාවෙන් තමයි මේ බස් එකේ උඩ තට්ටුවේ යන්නේ. අද දැක්කත් ගමනක් නැතත් ගොඩවෙන්න හිතෙන තරම් සුන්දර බස් රථයක්. අපේ බස් එක ගැන මෙවැනි අලංකාර, වටිනා පෝස්ට් එකක් පළකිරීම ගැන බොහොම ස්තුතියි!

    ReplyDelete
  2. ලස්සනයි

    ReplyDelete