Sunday, April 5, 2020

ලංගම මතක සටහන් - ලිපි අංක 06

This photo was taken in 1995 in Anuradhapura, North Central, LK.
Click for the full size picture.
සය වන මතක සටහන ලෙස ඔබට ගෙන එන්නේ පුද්ගලීකරණය කරන ලද ලංගම කහගොල්ල මධ්‍යම වැඩපොළ නොහොත් කෙස්කෝ (කහගොල්ල ඉංජිනියරින් සර්විසස් කෝපරේෂන්) වැඩපොළ හා බැඳුණු මතක සටහනකි. 1995 වසරේ කහගොල්ල වැඩපොළේ සේවක පිරිස විසන් වැඩපොළේ සේවක ප්‍රවාහන රථයක් ලෙස යොදාගත් මෙම මර්සිඩීස් බෙන්ස් OP312 වර්ගයේ (22ශ්‍රී4873) බස් රථයෙන් සුභසාධක චාරිකාවක් පැමිණි අපූරු මතක සටහනකි. මෙම ඡායාරූපය 1995 වසරේ අනුරාධපුර දී ලබගාන්නා ලද්දකි. මෙම මතක සටහනේ හිමිකරුවා වන්නේ එවකට කෙස්කෝ වැඩපොළේ ගබඩා භාරකරු ලෙස කටයුතු කල එන්. එච්. විමලසේන මහතාය. අප වෙත එවන ලද්දේ කවිස්සර සංජීව මහතා විසිනි.

මෙම බස් රථය පිලිබඳ අමතර යමක් සඳහන් කරන්නේ නම්, මෙය 1958 බස් ජනසතුවට සමගාමීව ලංගම රථ ඇණිය හා එක් වූ මර්සිඩීස් බෙන්ස් OP312 වර්ගයේ බස් රථයකි. තට්ටුව ජර්මනියේ නිෂ්පාදිත අතර බඳ ස්විස්ටර්ලන්ත වෝල් සමාගමේ නිමවා ඇත. බස් රථය ලංගම මහනුවර දකුණ ඩිපෝවට ලැබී ඇති අතර 1980 දශකයේ මුල භාගයේ මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ බදුල්ල ඩිපෝව වෙත අනියුක්ත කර ඇති අතර එම ඩිපෝව යටතේ කෙටි දුර සේවා හා විශේෂ චාරිකා සඳහා යොදාගෙන ඇත. 1986 වසරේ මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ කහගොල්ල වැඩපොළට සේවක පිරිස් ප්‍රවාහනය සඳහා මෙම රථය ලබා දී ඇත. 1991 ජනතාකරණයෙන් පසු කහගොල්ල වැඩපොළ පුද්ගලික අංශයට (ලටෙක් සමාගමට) පවරා ඇති අතර මෙම ඡායාරූපය ලබාගන්නා අවධියේ (1994 න් පසු) වැඩපොළ රජය සතුව කෙස්කෝ හෙවත් කහගොල්ල ඉංජිනියරින් සර්විසස් කෝපරේෂන් නමින් පවත්වාගෙන ගොස් ඇත. කෙසේ වූවද 2000 වසරේ වැඩපොළ නැවත පුද්ගලික අංශයට පැවරී ඇති අතර පුද්ගලික අංශය මගින් වැඩපොළ වසාදමා එහි තිබුණු යන්ත්‍රසූත්‍ර ආදියද විකුණා දමා ඇති අතර මෙම බස් රථයද එලෙසම විකිණී ගොස් ඇත.

ඔබටත් ශ්‍රී ලංගම හා බැඳුනු මෙවන් සුන්දර මතකයන් තිබෙන්නට ඇති. ඒවා ලංගම බස් අඩවියේ පාඨක ප්‍රජාව සමඟ බෙදා ගැනීමට, ඡායාරූපයේ විස්තරද සමඟ අදම අප වෙත යොමු කරන්න>> sltbbus@hotmail.com

3 comments:

  1. ඕවා විකුණපු කෙනාව හොයාගන්න පුළුවන් වේවි ද?

    ReplyDelete
    Replies
    1. එය ඉතා අපහසුයි. එය වසර 20 කට පෙර සිදු වූවකි

      Delete
  2. මීහරක් ....කතා කරලා වැඩක් නෑ ...මේකේ වටිනාකම මිල කරන්න පුළුවන්ද ....

    ReplyDelete