Monday, April 15, 2013

ශ්‍රී ලංගම ප්‍රවේශ පත්‍ර (කොටස 01) - ටිකට් පොත් මිටි රඳවනය -- SLTB Tickets (Part 01)

1958 වසරේ ශ්‍රී ලංගම පිහිට වූ දින සිට විවිධ ක්‍රම මගින් මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත්කිරීම ශ්‍රී ලංගම විසින් සිදු කරයි. එම ක්‍රම මොනවාද යන්න පැහැදිලි කර දීම මෙම විශේෂ ලිපි පෙළේ අරමුණයි.
මේ යටතේ මුල්ම ලිපිය සඳහා තෝරා ගත්තේ ලංගම ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා භාවිතා කරන සරලම මෙන්ම පැරණිම ක්‍රමයකි. එනම් ට්කට් පොත්මිටි රඳවනයයි.

මෙලෙස නිකුත් ශත 70 ක වටිනාකමකින් යුතු වූ පැරණි ප්‍රවේශ පතක්
  

බස් ජනසතුව අරඹමින් ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා වෙත නිකුත් කල ප්‍රථම ප්‍රවේශ පත්‍රය.

කෙසේ වෙතත් ප්‍රවේශ පත්‍ර නිකුත්කිරීමේ යන්ත්‍ර හිඟ අවස්ථාවන් වලදී මෙම ටිකට් පොත් ක්‍රමය මෑතක් වන තුරුම භාවිතයට ගැනුනි. එලෙස මෑත කාලීනව නිකුත් කල රු. 4.50 සහ 9.00 වටිනාකම් වලින් යුතු ප්‍රවේශ පත්‍ර දෙකක් පහතින් දැක්වේ.
 


20 comments:

  1. Replies
    1. කොටසින් කොටස තමා ටිකට් ගැන දාන්න බලාපොරොත්තු වෙන්නේ. මුල් කොටස් වල පැරණි ක්‍රම ටික කියල අවසාන කොටස් වලදී අලුත් ක්‍රම ගැන කියන්නම්.

      Delete
  2. ගොඩක් ස්තුතියි අපව දැනුවත් කලාට ... ඉදිරි ලිපි කියවීමට ආසාවෙන් බල සිටිමි.

    ReplyDelete
    Replies
    1. ලංගම බස් අඩවිය සමඟ සිටින ඔබටත් ස්තූතියි! ඉදිරි ලිපිද ඉක්මනින් දෙන්නම්.. :)

      Delete
  3. me tikcket giya awruddeth udahamulla depot eke use kara 176 route eke samahara bus wala.. dan use karanne nadda??? Issara maharagama depot eketh tibuna...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔබ හරි.. දැන් නම් මේක භාවිත වෙන්නේ නැහැ. දැන් තියෙන්නේ අර හතරැස් පොත සහ ඉලෙක්ට්‍රොනික් යන්ත්‍රය.

      Delete
  4. ethakota ara parana ticket machine ekath tiyanawa neda... kadawatha/ KGS/ KS Depot wala tiyanawa neda tama....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. ඊළඟ ලිපිය අතින් ක්‍රියා කරවන ටිකට් යන්ත්‍රය ගැන තමා.. :)

      Delete
  5. ලංගම නම් වු දැවැන්තයාගේ ඉතිහාසය වැලලි නොයන්නට ඔබ කරන සේවය අති උත්කෘෂ්ඨයි. අපි පාරේ දකින ලංගමයතුල සැගවුනු ඉතිහාසය වත්මන් පරපුරට ගෙන ඒම ගැන ස්තුතියි ඔබට............

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අගය කිරීම ගැන.. :)

      Delete
  6. මෙහි ඉහළින් ම ඇති කොල පැහැති ශත දහයේ ප්‍රවේශ පත්‍රය පොත් මිටි රඳවනයකින් නිකුත් කළ එකක් නොවේ. මෙය 1960 දශකයේ සහ 1970 දශකයේ මුල් භාගයේ ටිකට් යන්ත්‍රයකින් නිකුත් කළ එකක්. ප්‍රවේශ පත්‍රයේ වර්ණය එහි වටිනාකම අනුව වෙනස්. උදාහරණයක් හැටියට ශත 5 ප්‍රවේශ පත්‍රය සුදු, ශත 10 ප්‍රවේශ පත්‍රය කොල, ශත 15 ප්‍රවේශ පත්‍රය නිල්, ශත 20 ප්‍රවේශ පත්‍රය කහ යනාදී වශයෙන්. ශත 45 තෙක් වටිනාකමින් යුත් ප්‍රවේශ පත්‍ර ඒ යන්ත්‍රවල තිබුණා. මෙම ප්‍රවේශ පත්‍රවල පිටුපස මාරු සල්ලි රැගෙන එන ලෙසත්, පෝලිමේ එන ලෙසත් සඳහන් වැකි මුද්‍රණය කර තිබුණා.

    ReplyDelete
    Replies
    1. මේ වර්ගයේ ප්‍රවේශ පත්‍රයක ඡායාරූපයක් මම https://www.facebook.com/SLTBSriLanka හි උඩු ගත කළා.

      Delete
    2. ස්තූතියි ඔබේ නිවැරදි කිරීම ගැන. :)

      Delete
  7. Do you want a photo of 3 cents ticket?

    ReplyDelete
    Replies
    1. yes! send us to sltbbus@hotmail.com. thanks a lot! :)

      Delete
  8. UM depot 1n mee lagak wenknma mee ticket dunna

    ReplyDelete
    Replies
    1. oya daala thiyena kola paata ticket ekath UM depot eke bus ekain deepu ekak. :D

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. Monada wate tiyena ilakkam..... 1 sita 20 saha 1 - 14 yanakam tiyena

    ReplyDelete